ලාබ ලබන “ටෙලිකොම්” ආයතනයට එරෙහි බාල වැඩක් ගැන විපක්ෂ නායක සජිත් හෙලිකරයි

Date:

පසුගිය 2020 සහ 2021 වසර දෙක තුළ පමණක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පිළිවෙලින් රුපියල් මිලියන 1,832 ක් සහ රුපියල් මිලියන 657ක් වශයෙන් රජයට බදු ගෙවීම් සිදු කර ඇති අතර එම වසරවල බදු ගෙවීමෙන් පසු පිළිවලින් රුපියල් මිලියන 7,881 ක් සහ රුපියල් මිලියන 12,161ක ලාභයක් ඉපැයීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

මීට අමතරව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතුව පවතින බුද්ධිමය තොරතුරු සහ ජාතික වැදගත්කමකින් යුතු තොරතුරු ගබඩාව රාජ්‍ය අංශයේ වගකීමට යටත්ව පැවතිය යුතු ක්ෂේත්‍රයක් බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

එසේ වුවද, ආණ්ඩුව මෙවර ඉදිරිපත් කරන ලද 2023 අයවැය මගින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ද ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා කර තිබුණි. මෙවන් ලාභදායී ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැටළු සහගතයි.

එපමණක් නොව, ශ්‍රී ලංකා ටෙලිකෙම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමට සැරසීම මෙරට ජාතික ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්ෂාවට ද ප්‍රබල තර්ජනයක් ගෙන දෙනු ඇත.

මේ තත්ත්වය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (13) පාර්ලිමේන්තුවේදී 27/2 යටතේ ප්‍රශ්නයක් අසනු ලැබීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...