තෙල් පිරිපහදුව හෙට සිට යළි වැඩ!

Date:

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (16) යළි විවෘත කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති උවයිස් මොහොමඩ් මහතා සඳහන් කළේ, හෙට සිට පිරිපහදුවේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කිරීමට සැළසුම් කර ඇති බවයි.

ඉන්ධන නිෂ්පාදනය සඳහා අවශ්‍ය බොරතෙල් සංචිත මේ වනවිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ලැබී ඇති බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

පසුගිය ඔක්තෝබර් මස 7 වැනි දා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුණේ, නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය බොරතෙල් නොමැති වීම හේතුවෙනි.

ඒ අනුව දින 70 ක් පමණ සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබුණි.

හෙට (16) දිනයේ පූර්ණ ධාරිතාවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කළ පසු දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1,500 ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 550 ක්, භූමිතෙල් සහ ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 950 ක් සහ නැප්තා මෙට්‍රික් ටොන් 1,500 ක් නිකුත් කළ හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ ය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...