සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනයට ජපානයෙන් විශේෂ දූත පිරිසක්..

Date:

සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ වැඩසටහනට සමගාමීව ජපානයත් සමග ඉතා සමීපව කටයුතු කරන ශ්‍රී ලංකා ව්‍යවසායකයෙක් වන Rowelmark iy Colombo International Airport Hotels සමූහයේ සභාපති ආචාර්ය රුවන් පෙරේරා මහතාගේ ආරාධනයෙන් 50 කට අධික ජපන් නියෝජිතයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළෙන් ‘දිවයින’ ට ළඟාවූහ.

ශ්‍රී ලංකාව ජපානයේ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අදහසින් මධ්‍යම හා මහා පරිමාණ සමාගම් නියෝජනය කරමින් මෙම ජපන් නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී ලාංකේය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන හදිසි මෙහෙයුමකට සහාය වීම සඳහා ආචාර්ය රුවන් පෙරේරා මහතාගේ මුල පිරීමකි.

ශ්‍රී ලංකාවේ සිදුකළ හැකි ආයෝජන පිළිබඳ සාකච්ඡා කිරීම, රිජ්වේ ආර්යා රෝහල වෙත ආධාර සැපයීම, කොළඹ හා ගාල්ල ප්‍රදේශයේ සුදුසුකම් ඇති පාසල් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම හා සංවර්ධන ව්‍යාපෘති නැරැඹීමටද මෙම පිරිස් එක්වෙති.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...