අදට කල් පිරෙන ඩො.මි.500ක ස්වෛරී බැඳුම්කරය ගෙවීමට මහා බැංකුව සූදානමින්!

අද (18) දිනයට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට මහ බැංකුව අදාළ පියවර ගෙන ඇති අතර අවශ්‍ය ලිපි ලේඛන ණය දෙඅපර්තමේන්තුව විසින් සකස් කර ඇති බවත් එම ගෙවීම් අද දින සිදුකිරන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඒ ගැන කිසිවෙකු කලබල විය යුතු නැති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.

“යම් අභියෝගයන්ට අපි මුහුණ දී තිබෙනවා. ඒ සෑම අභියෝගයක්ම අපි ජයගෙනත් තියෙනවා. මේ අවස්ථාවේ දී යම් අවස්ථාවක බැංකුවල තිබෙන ඩොලර් ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් නම්, ඒ හිඩස පිරවීම ට මහ බැංකුව බැදිලා ඉන්නවා. මම මේ පිළිබඳව ජනාධිපතිතුමා සමගත් අගමැතිතුමා සමගත් මුදල් අමාත්‍යතුමා සමගත් සාකච්ඡා කළා. එවැනි අවස්ථාවල දී අපි ඒ මුදල් ලබාදීමට කටයුතු කරනවා. ඒ නිසා කිසිම හිඟයක් මුදල් නැති නිසා ඇති කර ගැනීමට අපි බලාපොරොත්තු වෙන්නේ නෑ.” යනුවෙනුයි කබ්රාල් මහතා වැඩිදුරටත් පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...