අදට කල් පිරෙන ඩො.මි.500ක ස්වෛරී බැඳුම්කරය ගෙවීමට මහා බැංකුව සූදානමින්!

Date:

අද (18) දිනයට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට මහ බැංකුව අදාළ පියවර ගෙන ඇති අතර අවශ්‍ය ලිපි ලේඛන ණය දෙඅපර්තමේන්තුව විසින් සකස් කර ඇති බවත් එම ගෙවීම් අද දින සිදුකිරන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඒ ගැන කිසිවෙකු කලබල විය යුතු නැති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.

“යම් අභියෝගයන්ට අපි මුහුණ දී තිබෙනවා. ඒ සෑම අභියෝගයක්ම අපි ජයගෙනත් තියෙනවා. මේ අවස්ථාවේ දී යම් අවස්ථාවක බැංකුවල තිබෙන ඩොලර් ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් නම්, ඒ හිඩස පිරවීම ට මහ බැංකුව බැදිලා ඉන්නවා. මම මේ පිළිබඳව ජනාධිපතිතුමා සමගත් අගමැතිතුමා සමගත් මුදල් අමාත්‍යතුමා සමගත් සාකච්ඡා කළා. එවැනි අවස්ථාවල දී අපි ඒ මුදල් ලබාදීමට කටයුතු කරනවා. ඒ නිසා කිසිම හිඟයක් මුදල් නැති නිසා ඇති කර ගැනීමට අපි බලාපොරොත්තු වෙන්නේ නෑ.” යනුවෙනුයි කබ්රාල් මහතා වැඩිදුරටත් පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික...

ඔහේ තියෙන “ගස්” ආර්ට් එකක් වෙන හැටි!

සටහන – පුලී දෙසැම්බර් 15, කොළඹ (LNW): මෙක්සිකෝවේ ස්මාරක ලී...

පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීමයි මගේ අරමුණ – නාමල්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ගංවතුරින් සහ නායයාමෙන්...

බොස්නියාවේ යුද්ධයට වසර 30ක් : ඒ අමිහිරි සිදුවීම් සිදු වූයේ කෙසේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බොස්නියාව සහ හර්සගොවිනා...