කිඹුලා ඇළේ ගුණා ඇතුළු පාතාල නායකයින් 9ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Date:

මෙරට මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි ජාවාරම්වලට සම්බන්ධ කිඹුලා ඇළේ ගුණා, ලඩියා, වැල්ලේ සුරංග ඇතුළු පාතාල නායකයින් 9 දෙනෙකු ඉන්දියාවේදී අත් අඩංගුවට ගෙන තිබේ.

තමිල්නාඩු ප්‍රාන්තයේ සරණාගත කඳවුරක සිටියදී ඔවුන්ව ඊයේ (19) දිනයේදී ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ සී. ගුණසේකරන් හෙවත් ගුණා, පුෂ්පරාජා හෙවත් පූකුටු කන්නා, මොහොමඩ් අස්මින්, සුනිල් ගාමිණී ෆොන්සේකා, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු, ලඩියා, ධනුෂ්ක රොෂාන්, වැල්ලේ සුරංග සහ දිලීපන් යන අය බව සඳහන්.

මොවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...