*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

හංවැල්ලේ වෙඩි තැබීම කොන්ත්‍රාත්තුවක් ද???

හංවැල්ලේ හරස් පාර ප්‍රදේශයේ ආපන ශාලාවකට පෙරේදා (18) රාත්‍රී කාලයේ කඩාවැදී එහි හිමිකරුට වෙඩි පිට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඩුබායි සිටින පාතාල කල්ලියක ප්‍රබලයකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මොහොමඩ් ෆාර්ෂාන් (46) නමැති තිදරු පියෙක් වන ව්‍යාපාරිකයා සිය ආපන ශාලාව වසා අයකැමි කවුන්ටරයේ සිට දෛනික ගනු-දෙනු මුදල් පරීක්ෂා කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

හංවැල්ල හරස් පාරේ පිහිටි මෙම ආපන ශාලාව ඉදිරිපිට පෙරේදා රාත්‍රී 10.00ට පමණ යතුරුපැදියක් නතර කර ඇති බවත් එහි දෙදෙනෙක් සිට ඇති බවත් පොලිසිය කියයි. ආපන ශාලා සේවකයන් එම අවස්ථාවේදී රැඳී සිට ඇත්තේ ආපණශාලාව ඉදිරිපිටය. යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයන් යතුරුපැදියේම රැඳී සිටිමින් දුම්වැටි 04ක් එම ආපනශාලා සේවකයාගෙන් ඉල්ලා ඇත. ආපනශාලා සේවකයා අඩවල්කර තිබුණු දොරෙන් රිංගා ව්‍යාපාරිකයාගෙන් දුම්වැටි 04ක් රැගෙන ඔවුන් දෙදෙනා වෙත ගොස් දුම්වැටි දීමට පෙර මුදල් ඉල්ලා ඇති බව පොලිසිය කියයි. එහිදී ඔවුන් මුදල් නැතැයි පැවසීම හේතුවෙන් සේවකයා එම දුම්වැටි 04 රැගෙන නැවත ආපන ශාලාව තුළට ගොස් ව්‍යාපාරිකයා අතට එම දුම්වැටි 04 දෙන අවස්ථාවේදී යතුරුපැදියේ පිටුපස අසුන්ගෙන සිටි පුද්ගලයා එකවරම ආපන ශාලාවට කඩාවැදී අයකැමි කවුන්ටරයේ රැඳී සිටි ව්‍යාපාරිකයා දෙසට වෙඩි හතරක් තබා ඇති බව පොලිසිය කියයි.

මෙම සිදුවීම ආපණ ශාලාවේ ඇති ආරක්ෂක කැමරාවේ පැහැදිලිවම සටහන්ව තිබී ඇත. හෙල්මටයක් සහ මුව ආවරණයක් පැලඳ සිටීම හේතුවෙන් වෙඩික්කරු පැහැදිලිවම හඳුනා ගැනීමට නොහැකි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

පපු ප්‍රදේශයට වෙඩි වැදුණු ආපන ශාලා හිමිකරු වෙළෙඳසල් සේවකයන් විසින් පාදුක්ක රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඔහු මිය ගොසිනි.

වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ හංවැල්ලේ පාතාල බලය ඇල්ලීමට උත්සාහයක් දරමින් සිටින ඩුබායි හි රැඳී සිටින චමියා සහ ලලිත් නමැති පාතාල අපරාධකරුවන් දෙදෙනාගේ ගෝලයන් විසින් බවට මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විශේෂ පොලිස් කණ්ඩායමකට තොරතුරු ලැබී ඇත. හංවැල්ලේ වෙළෙඳ ව්‍යාපාරික ආයතනවලින් කප්පම් ගැනීමට පාතාල අපරාධකරුවන්ට දැන් ඉඩක් නොමැති බැවින් සහ එම පාතාලයේ ප්‍රබලයන් දෙදෙනාගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනෙක් මෙම ව්‍යාපාරිකයා විසින් පොලිසියට අල්ලා දීම මෙම වෙඩි තැබීමට මුල්වී ඇති බවට විමර්ශන කණ්ඩායම් වෙත තොරතුරු ලැබී තිබේ.

මෙම ව්‍යාපාරිකයාගේ නිවස මාස එකහමාරකට පමණ පෙර සොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවත් නිවසට ඇතුළුවී සිටි සොරුන් දෙදෙනකුව මෙම ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් පහරදී අල්ලාගෙන ඇති බව කියයි. පොලිසියට මේ ගැන දැනුම් දී ඔවුන්ව රැගෙන යාමට එම නිවසට පොලිසිය එන විට එම සොරුන් දෙදෙනා පලා ගොස් සිට ඇති බවත් පසුව විමර්ශන පවත්වා අත්අඩංගුවට ගත් එම සොරුන් දෙදෙනා සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේ බවත් පොලිසිය කියයි.

එම සිදුවීමෙන් පසු ඩුබායිහි රැඳී සිටින පාතාලයේ ප්‍රබලයන් දෙදෙනාගේ බලය ගිලිහීයාම නිසාත් ව්‍යාපාරිකයන්ගෙන් ඔවුන්ට කප්පම් නොලැබීම නිසාත් මෙම ඝාතනය ඔවුන් විසින් සැලසුම් සහගතව කර ඇති බවට තොරතුරු ලැබෙමින් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ව්‍යාපාරිකයාට වෙඩි තැබීමෙන් පසු “බලපන් වෙලා තියෙන දේ“ යැයි කියා යම් පුද්ගලයෙක් විසින් ඝාතනය වූ ව්‍යාපාරිකයාගේ සහෝදරයාට දුරකතන ඇමතුමක් දී පවසා ඇති බවත් එම ඇමතුම ඔස්සේ ද විමර්ශන ක්‍රියාත්මක බවත් එම නිලධාරියා කීය.

ව්‍යාරිකයාට වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරු රැගත් යතුරු පැදිය හයිලෙවල් මාර්ගයට පිවිස අවිස්සාවේල්ල දෙසට පළාගොස් ඇති බව පොලිසිය කියයි.

ආරක්ෂක කැමරා දත්ත පරීක්ෂාකරමින් යතුරු පැදිය පලාගිය මඟ පරීක්ෂා කිරීමේදී එම යතුරුපැදිය හංවැල්ලේ දසවේල්ල ප්‍රදේශයේ අතහැර ගොස් තිබියදී සොයාගෙන තිබේ. එහි අංක තහඩුව පැහැදිලි නැති බවත් එන්ජින් අංකය සූරා තිබෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.

ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු ඔහුගේ සහෝදරයකුට ලැබුණු ඇමතුම ඩුබායි සිට ලැබී ඇති බවද අනාවරණය වී තිබේ.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan