2021 වසරේදී ඩොලර් මිලියන 1500ක් තොරතුරු තාක්ෂණ කර්මාන්තයෙන්…

Date:

තොරතුරු තාක්ෂණ කර්මාන්තයෙන් පසුගිය 2021 වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 1500ක විදේශ විනිමයක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. තොරතුරු තාක්ෂණ කර්මාන්තය රටට විදේශ විනිමය උපයන ප්‍රධාන අංශයක් බවට ඉදිරියේදී තවදුරටත් සංවර්ධනය කරන බව තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා ප්‍රකාශ කළේය.

ඒ සඳහා පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළ පුරප්පාඩු 20000 ක් පමණ ඇති බවත් එම කර්මාන්තය සඳහා අවශ්‍ය තරුණ පෙළ ගැස්වීම තම අමාත්‍යංශයේ වගකීම බවත් ඒ මහතා කීවේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ අවිස්සාවේල්ල, බටන්ගල තරුණ පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ වූ LIGHTING DIGITAL තොරතුරු තාක්ෂණ පුහුණු කඳවුරේ අධ්‍යයන කටයුතුවල ගුණාත්මකභාවය සොයා බැලීම සඳහා සිදු කළ නිරීක්ෂණයට එක්වෙමිනි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...