*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

රටේ වත්මන් ගැටලු වලට “නිදහස” තුළින් විසඳුම් සොයන චරිත ..

නිදහස ජනතා සභාව ප්‍රවෘත්ති සාකච්ඡාව අද(20) පෙරවරුවේ දී තුන් වෙනි පටුමග කාර්යාලයේ දී පැවැත්විය.

මෙහිදී පාර්ලිමේන්තු මංත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා…….

” පහුගිය කාලයේ රටේ ලොකු සාකච්ඡාවක් තිබ්බ පළාත් පාලන මැතිවරණය කල් යන බව. දැනටත් අවුරුද්දක් කල් දාලා තියෙන්නේ ඇමතිගේ බලතල යටතේ . එතකොට මේක චිරාත් කාලයක් කල් දානවා ආයි මැතිවරණ නෑ කියලා සමහරු විශේෂයෙන් ආණ්ඩුවේ අය එහෙම කිව්වා අපිට මතකයි.

හැබැයි අපි නිදහස ජනතා සභාව විදිහට ඉතාම පැහැදිලි මතයක හිටියා මේ මැතිවරණෙ කල් දාන්න ඉඩදෙන්නේ නෑ කියලා. අපි තාමත් ඉන්නේ ඒ මතයේ. ඒ සදහා කළ යුතු ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාමාර්ග රාශියක් ගත්ත

තමුන්නාන්සේලා දන්නවා සියළුම විපක්ෂයේ නායකයන් මැතිවරණ කොමසාරිස්වරයා අමතලා සන්දේශයක් භාරදුන්නා .අනිවාර්යෙන් නියමිත කාලය තුල තැබිය යුතුයි කියලා. ඊළඟට අපි මේක පාර්ලිමේන්තුවෙත් ඉතාම ශක්තිමත් මතවාදයක් විදිහට ඉදිරිපත් කලා.

ඊළඟට අපේ ගරු ජී එල් පීරිස් මැතිතුමා ප්‍රමුඛ පිරිසක් අධිකරණයෙන් රිට් ආඥාවක් පවා ලබාගැනීමට කටයුතු කරමින් තිබෙනවා. ඒ අනුව අපිට පෙනී යනවා මැතිවරණය කල් දැමීමට උත්සහ කර පිරිස් වල ඒ උත්සාහය අහිමි වී යනවා කියන එක. සමහර අය හිතෙනවා මේක කොහොම හරි කල් දානවා නොමිනේෂන් අරගෙන හරි කල් දානවා ආදී වශයෙන් නොයෙක් සාකච්ඡා තියෙන්න පුළුවන්.

ඒත් අපි විශ්වාස කරනවා, අපි ජනතාවට කියනවා මේ රටේ ජනතාවගේ ඒක පරමාධිපති අයිතියක් තමයි ඡන්දය භාවිත කිරීම. මේ ඡන්ද බලය ඔවුන්ට ලබාදීම ඉතාම අවශ්‍යයි. මොකද මේ රට විශාල විකෘතියක් සිදුවුණා. පහුගිය කාලේ හැට නම ලක්ෂය චන්දය දිනපු ජනාධිපති ගෙදර ගියා. ඒ අතර රටේ ආණ්ඩු 4ක් මාරු වුනා. ඒ වගේම රට විශාල ආර්ථික අර්බුදයකට ඇද වැටුණා.

ඒ නිසා මේ රටම විකෘති වෙලා තියෙන්නෙ. ඇනිලා අච්චාරු වෙලා තියෙන්නෙ. එතකොට මේ කලබල ඇතුලේ ගමේ භාෂාවෙන් කියනවනම් අලකලංචිය ඇතුලේ රනිල් මැතිතුමා ජනාධිපති වුනා. පසුගිය ජනාධිපතිවරණයෙන් ඉතාමත් දැඩි පසුබෑමකට ලක් වුණු පක්ෂයක එතුමා හිටියේ. හැබැයි කොහොමහරි එතුමා ජනාධිපති වුණා. ඉතින් මේ රටේ ගොඩක් අය විශ්වාස කරා මේ රටේ පාලන බලය නැවතත් රනිල් මැතිතුමා ප්‍රමුඛ ඒ පිරිසේ අයට නැවත පාලන බලය හම්බුනා කියලා. නමුත් මම හිතන්නේ මේකත් එක්ක රටේ විශාල විකෘතියක් ඇති වුණා. මූලික වශයෙන් බලද්දි රටේ වෙච්ච හැම දෙයක්ම විකෘතියක් නේ.

ව්‍යවස්ථාවට අනුව පත්වුන ජනාධිපතිවරයාට රටේ පාලන කටයුතු කරගෙන යන්න බැරි වුණා. ඔහුට පාලනයෙන් අයින් වෙන්න සිද්ධ වුණා. මෙයා මෙච්චර කාලෙකට කිසිම දවසක තිබුනේ නැති දේවල් නේ. මේවා විකෘති. ඊළඟට පසුගිය මහ මැතිවරණයේදී ආසනයක් වත් දිනන්න බැරි වුණ කෙනාට රටේ ජනාධිපතිකම හම්බුනා. මේවා හරිම අසාමාන්‍ය සිදුවීම්. ඉතින් මේ වගේ දේවල් නිසා අපි විමසන්න ඕනි රටේ ජනතාවගෙන් එයාලගේ මතය මොකක්ද කියලා.

අන්න ඒකයි අපි මේ මැතිවරණයට කැමති උනේ ඒ වගේම මෙතන තව ප්‍රශ්න තියෙනවා. මේ රට නිදහස ලබලා මේ ගෙවුන වසර හැත්තෑ තුනේදී විවිධ අත්දැකීම් වලට විවිධ දේශපාලන තත්ත්වයන්ට මුහුණ දීල තියනව. අපි විශ්වාස කරනවා මේ දේශපාලන ප්‍රශ්නය බොහොම පැහැදිලි විදිහට ආමන්ත්‍රණය කරන්න ඕනේ තැනට අපි ඇවිල්ල තියෙනව. අපි නිදහස ජනතා සභාව විදිහට වෙනම කණ්ඩායමක් විදියට ආවේ මේ රටේ දේශපාලනයට ආපු කිසියම් වෘත්තිමය වශයෙන්. වෙනත් කාලවල සාර්ථක ජීවිත ගත කරන්න පුලුවන්කම තියෙද්දි දේශපාලනයට එන එකම වැදගත් වෙන කිසිම දෙයක් කරන්නේ නැතිව දේශපාලනයට එන එකට වඩා.

ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ක්ෂේත්‍රය තමයි වැටිලා තියෙන්නේ. රටේ දොස්තරලා ගත්තත් ඉංජිනේරුවෝ ගත්තත් වෙනත් වෘත්තිකයින් ගත්තත් හැමෝම හොඳ මට්ටමෙන් ජාත්‍යන්තර මට්ටමින් ඉස්සරහට යද්දි අපේ රටේ තීරණ ගත් අය නීති පිළිබඳ තීරණ ගත්ත අය වැටිලා තියෙනවා. ඒ නිසා තමයි රට වැටුණේ. රට වැටුණේ රටේ හොඳ ජනතාවක් නැති නිසාත් නෙවෙයි, රට වැටුණේ රටේ හොඳ වෘත්තීය මට්ටමක් නැති නිසාත් නෙවෙයි, රට වැටුණේ රටේ නිර්මාණශීලී පුද්ගලයෝ නැති නිසා නෙවෙයි, රට වැටුණේ ප්‍රතිපත්තිමයභාවය හා නීතිමය වශයෙන් රටේ තිබූ දේ නැති වුන නිසා”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan