*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

එතෙර යන ගෘහ සේවිකාවන් ගෘහපාලන සහකාරවරයින් ලෙස “උසස්” කිරීමෙන් ඵලක් වේද?

ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගත වන ශ්‍රී ලාංකේය කතුනට මීට වඩා ඉහළ ප්‍රමිතියකින් යුතු ගෘහ සේවා වෘත්තික භාවයක් ලබා දෙනු පිණිස ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස මෙරට ශ්‍රමිකයින් විදේශගත කිරීම නතර කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමිනි.

”මාර්තු මාසයේ 31 වැනිදායින් පස්සේ අපේ රටෙන් විදේශ ගෘහ සේවයට කාන්තාවෝ යවන්නේ නැහැ. ගෘහ සේවය කියන කාරණාවට එහා ගිහිල්ලා ඇඩ්වාන්ස් හවුස් කීපර් කියන අපි පුහුණුව වැඩිකරලා NVQ සහතිකයක් දිලා එතනින් එහාට Skills passport. එකක් සහිත පුද්ගලයෙක් තමයි අපි යවන්නේ. කිසිම ආකාරයකින් අඩු දැනුම පුහුණුව තියෙන කාන්තාවන් විදේශගත කරන්න ඉඩ දෙන්නේ නැහැ.ඒ අනුව ඒ පුහුණුව ලබා විදෙස් ගත වන අය ගෘහපාලන සහකාර වශයෙන් හඳුන්වන්න පුළුවන්” ඇමති වරයා කීය. හැකියා ගමන් බලපත්‍රය (Skills passport) යනු පුහුණු ශ්‍රමිකයකුගේ නිපුණතා සහ සුදුසුකම් පිළිබඳ සවිස්තරාත්මක ප්‍රලේඛන පද්ධතියකි.මෙමගින් ශ්‍රී ලංකාවේ සේවා යෝජකයන්ට සහ ශ්‍රමිකයින්ට විවිධ කුසලතා ඇගයීම් රාමු සමඟ කුසලතා සංසන්දනය කිරීමට හැකියාව ලැබේ. එය අත්‍යවශ්‍යයෙන්ම රැකියාවක් සොයා ගැනීමට සේම නැවත තම නිපුණතා සහ නිපුණතා සඳහා වැඩිදුර පුහුණුවට ප්‍රවේශ වීමට ද මෙය “දොරටුවක්” වේ.

මෙම ප්‍රලේඛන පද්ධතිය මඟින් පුහුණු ශ්‍රමිකයකුගේ කුසලතා, ප්‍රවීණත්වය සහ පළපුරුද්ද ක්‍රමානුකූලව ක්ෂේත්‍ර තුළ සහ ක්ෂේත්‍ර හරහා වාර්තා කිරීම සහතික කරනු ඇත.

විධිමත් තක්සේරු කිරීම් සහ සහතික කිරීම් හරහා නොයෙක් ලෙස ලබාගත් දැනුම, කුසලතා සහ නිපුණතා හඳුනා ගැනීමට උපකාර වන පූර්ව ඉගෙනුම් පද්ධතිය සමඟ හැකියා ගමන් බලපත්‍රය සම්බන්ධ කළ හැකිය. මේ අතර 1990 අංක 20 දරන තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන පනතේ වැදගත් අරමුණ වූයේ තෘතීයික අධ්‍යාපන සම්මාන සහ සහතික සහ අනෙකුත් අධ්‍යයන සම්මාන ඇතුළු වෘත්තීය අධ්‍යාපන සම්මාන ප්‍රදානය කිරීම සඳහා ජාතික වශයෙන් පිළිගත් ක්‍රමයක් ප්‍රවර්ධනයය කිරීමයි. ඒ අනුව ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) රාමුව 2005 දී හඳුන්වා දෙන ලදී.

ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) රාමුව යනු මට්ටම් හතක සුදුසුකම් රාමුවකි. සුදුසුකම් යනු සාමාන්‍යයෙන් ශ්‍රම වෙළඳපොලේ යම් ස්ථානයක අවශ්‍යතාවයන්ට ගැලපෙන නිපුණතා ඒකක පැකේජයකි.

සුදුසුකම් සඳහා මට්ටම් ලබා දීමේ නිර්ණායක මතු සඳහන් පරාමිති තුනක මත පදනම් වේ.

(අ) සුදුසුකම් දරන්නා විසින් සිදු කරනු ලබන ක්රියාවලියේ සංකීර්ණත්වය (ආ) ඉගෙනීමේ ඉල්ලුම (එම ක්‍රියාවලි ඉගෙනීමේ දුෂ්කරතා) (ඇ) අදාළ ක්‍රියාවලි සිදු කරන විට රැකියා හිමියාගේ වගකීම NVQ මට්ටමේ ජාතික සුදුසුකම් වර්ග කිහිපයක් තිබේ.පළමු මට්ටමේ ජාතික සහතිකය හිමි කර ගැනීම මඟින් ප්‍රවේශ මට්ටමේ නිපුණතාවල අගය තහවුරු කෙරෙයි.

4 වන මට්ටමේ සුදුසුකම් සම්පූර්ණ ජාතික ශිල්පීය හැකියාවන් සඳහා සපයයි.

එහි 6 වන මට්ටම ජාතික ඩිප්ලෝමාව උසස් ජාතික ඩිප්ලෝමාව වන අතර 7 මට්ටමේ උපාධිය හෝ ඊට සමාන මෙම මට්ටමට සැලසුම් කිරීම, ප්‍රති-මූලාශ්‍ර කිරීම සහ කළමනාකරණ ක්‍රියාවලිය ඇතුළත් වේ. අමාත්‍යවරයා සඳහන් කළේ, ඉහත සඳහන් උසස් ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාර වරියන් (House keeping assistant) රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.බැලූ බැල්මටම ඉතා යහපත් සාධනීය ක්‍රියා මාර්ගයක් වන මේ තුළින් මතු වන ගැටළු ද නැත්තේ නොවේ.

ඉන් පළමු වැන්න එවන් නිපුනතා සහිත ප්‍රමිතිගත ගෘහ පාලන සහකාර වරියන් උදෙසා රැකියා ඇබෑර්තු ඇත්තේ කුමන රටවලද? ඒ ඇබැර්තු ප්‍රමාණය ආසන්න වශයෙන් කොපමණ වේද? එම පුහුණු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් සඳහා හිමි වන වැටුප් තලයන් මොනවාද?යන්න පිළිබඳව මෙහි දී කිසිවක් ප්‍රකාශ නොවීමය.

ජාත්‍යන්තර කම්කරු සංවිධාන දත්තයන් සහ නිර්නායක අනුව අදටත් නිදහස,සමානාත්මතාව ආරක්ෂාව මානව ගරුත්වය සාධාරණ වැටුප් යන මූලික අවශ්‍යතා සංතෘප්ත නොවන වෘත්තීන් අතරේ ගෘහ ශ්‍රමික වෘත්තිය ප්‍රධාන තැනක් ගනී.මේ වන විට මුළු ලෝකයේ මිලියන හැත්තෑ පහකට පමණ ප්‍රමාණයක් ගෘහ සේවයේ යෙදෙන අතර ඉන් සියයට හැත්තෑ පහක්ම කාන්තාවන් බව පැවසෙයි.

ජාත්‍යන්තර කම්කරු සංවිධාන වාර්තා අනුව පවා අදටත් ගෘහ ශ්‍රමික වෘත්තිය නූතන වහල් භාවය (Modern slavery) වශයෙන් හඳුනා ගැනීමේ පැහැදිලි ඉඩකඩක් පවතින පසුබිමක මනූෂ නානායක්කාර ඇමති වරයාගේ මම ප්‍රකාශය අපට නොපෙනෙන දුර දිගක් දැක කළ එකක් ද නැනැතහොත් වර්තමාන දේශපාලන සංස්කෘතියේ පොදු ලක්ෂණයක් වන අප රටේ ජනතාව වෙනුවෙන් තවත් සිහින සාප්පුවක් විවෘත කිරීමක් ද යන්න ඉදිරි කාලය තුළ තීරණය වනු ඇත.

විනිවිද

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan