*
Friday, September 20, 2024
spot_img

Latest Posts

රජවරු කිරුළ රැක ගනියි – කුමාරවරු අලුත් වෙයි

සාමාන්‍යයෙන් පළපුරුදු නායකයෙක් වන ඇන්ජිලෝ මැතිවිස් කළම්ඹු ස්ටාර්ස් කණ්ඩායමේ නායකයා ලෙස අවසාන තරගයේදී සිය කණ්ඩායම රැස් කළ ලකුණු 163 රැක ගන්නට පන්දු යවන්නන් යෙදවිය හැකි යැයි සිතිය නොහැකි ආකාරයේ සැළසුමක් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට එරෙහිව ක්‍රියාත්මක කරන අයුරු දකින්නට ලැබිණ.පන්දු යවන්නන් අට දෙනෙක්ගේ සේවය ඒ ආකාරයෙන් ලබා ගත් අතර අවසානයේ සිඳු වූයේ 19 වන පන්දු ඕවරයේ දෙවන පන්දුවේදී ජැෆ්නා කින්ග්ස් මෙවරත් සූරයන් සේ අභිෂේක ගන්වමින් ඔවුන්ගේ ලකුණු පූවරුව කඩුලු 8 ට ලකුණු 164 ක් බවට පත්වීමය.

එසේම තරගාවලියේ ඉහළ දක්ෂතා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ජාතික කණ්ඩායමේඉඩක් නැති බොහෝ දෙනෙක් දක්ෂතාවලින් පෙරමුණේ වෙති.කලක් කණ්ඩායමේ සිටි,ශාරිරික යෝග්‍යතාවය ගැන ප්‍රශ්න පැමිණි,කකුලක් නිසා කණ්ඩායමෙන් එළියට විසි වුණ,පෙර තරගාවලියේ තරගාවලියේ වීරයා වූ අවිශ්ක ප්‍රනාන්දු මෙවරත් අවසාන තරගයේ වීරයා විය.එසේම තරගාවලියේ වැඩිම ලකුණුලාභියා සේ කොළපැහැ තොප්පියට හිමිකම් කීවේ ද ඔහුය.


නිශ්චිත ඉඩක් නැති,ජාතික කණ්ඩායමට යන එන සදීර සමරවික්‍රම තරගාවලියේ වීරයා විය.පිත්තෙන් ලකුණු 294 ක් එක් කර ගැනීම මෙන්ම කඩුල්ල පිටුපස ඔහුගේ දක්ෂතා ද ඉහළින් විය.පිතිකරණය ගත් විට වැඩිම ලකුණුලාභින් අතර ජාතික කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් දකින්නට ලැබෙන්නේ පස්වන තැනය.එහි මුල් නම් තුනම ලාංකිකයෝය.තිදෙනාටම ස්ථීර ඉඩක් අද වන විටකණ්ඩායමේ නැත.තිදෙනා අවිශ්ක,සදීර සහ දිනේෂ් චන්දිමාල්ය.

කාලෝස් බ්රේත්වයිට් හොඳම පන්දු යවන්නාය.කඩුලු 18 ක් ඔහුගේ නමට හිමිය.ඉනික්බිති ජාතික කණ්ඩායමේ වැඩි අවධානයක් නැති නුවන් තුෂාර ය.කඩුලු 14 කි.මේ තරගාවලියේදී රටේ ක්‍රීඩාවේ ව්‍යාප්තිය පෙන්නන්න යාපනේ නම සමඟ ඇසෙන විජයකාන්ත් වියස්කාන්ත්ට කඩුලු 13 කි.ඔහු වැඩිම කඩුලුලාභින් පෙළ ගැස්මේ තෙවැන්නාය.තරගාවලියේ නැගී එන ක්‍රීඩකයාය.එල්පීඑල් හොඳට කරපු මේ රොත්තම ජාතික කණ්ඩායමේ සිටිය යුතු බව කියන්නට අපි ඉක්මන් නොවෙමු.නමුත්මේ නම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් සහ වැඩි අවස්ථාවක් සැකසී තිබිය යුතු බව පිළිගත යුතු නොවේද?

කාසියේ වාසිය ලද ජැෆ්නා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව කළම්ඹු කණ්ඩායමට පැවරීය.එහිදී පළමු කඩුලල ලකුණු දෙකක්ව තිබියදී අහිමි වුව ද,ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් දෙවන කඩුල්ල ලකුණු 75 ක් එක් කරන්නට දිනේෂ් චන්දිමාල් (49) සහ චරිත් හසලංක (31) සමත් විය.චන්දිමාල්ට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමෙන් හිමිවිය යුතුව තිබුණ අර්ධ ශතකය අහිමි විය.ඊට අමතරව කළම්ඹු කණ්ඩායමේ නැංගුරම බවට පත්ව සිටින රවි බෝපරා මේ තරගයේදී ත් සුපුරුදු පරිදි වගකීම් සහගත ඉණිමක් දියත් කරමින් නොදැවි ලකුණු 47 ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදි තිසර පෙරේරා,මහේෂ් තීක්ෂණ,බිනුර ප්‍රනාන්දු සහ දුනිත් වෙල්ලාලගේ අතර කඩුල්ල බැඟීන් බෙදී ගියේය.නමුත් එහිදි වෙල්ලාලගේ ඉතාමත් හොදින් පන්දු යවමින් සිය පන්දු වාර හතර ලකුණු 18 ට සීමා කිරිම කළම්ඹු ස්ටාර්ස් කණ්ඩායමට අත් විඳින්නට වූ දරුණුම පීඩනය විය.
තරගාවලියෙ නව්‍ය ක්‍රීඩකයා සේ ඇගයීමට පාත්‍ර වූ රහ්මතුල්ලාහ් ගුර්බාස් අවිශ්ක ප්‍රනාන්දු සමඟ ඉණිම ඇරඹුවේම ලකුණු 163 ක අභියෝගය ප්‍රමාණයෙන් හකුලා දමමින්ය.ඔහු පන්දු 18 ක දී එකතු කළ ලකුණු ගණන 36 ක් විය.පස්වන ඕවරයේ පළමු පන්දුවට ගුර්බාස් පිටියෙන් ඉවත් විය.එවිට ලකුණු පූවරුව 49 ක් විය.

ජයග්‍රාහී හඹායමේ නැංගුරම වූ අවිශ්ක පන්දු 42 දී ලකුණු 50 ක් එක් කර ගත්තේය.ඔහු ආරම්භක කඩුල්ලේ සබඳතාවයට අමතරව සදීර සමරවික්‍රම සමඟතෙවන කඩුල්ලට ලකුණු 72 සබඳතාවයක්ද ඇති කර ලකුණු පූවරුව 153 වන තෙක් කඩුල්ලේ සිට කණ්ඩායම ස්ථාවර කළේය.ඔහු දැවී ගියේ හයවන කඩුල්ල ලෙස ය.සදීර සමරවික්‍රම ද පන්දු 27 දී ලකුණු 44 එකතු කරමින් ජයග්‍රහණයට දායක වූ පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටියේය.ප්‍රමාදව පන්දු යැවිමට එකතු කර ගත් සුරංග ලක්මාල් ලකුණු 23 ට කඩුලු 3 ක් දවා ගනිමින් කළම්ඹු ස්ටාර්ස් කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා විය.

කෙසේ වුවත් මේ මොහොතේම අයිපීඑල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියද සිඳු වි ඒ පිළිබඳ වාර්තා ද පළවෙමින් ඇත.ඒ නිසා එල්පීඑල් දක්ෂතා ගැන කියවා ගැනීම එම තරගාවලියේ තෝරාගැනීම් හා සාපෙක්ෂවද කළ හැකිය.ඒ නිසා අවසානයේ නැවත සඳහන් කළ හැක්කේ මේ දක්ෂතා ලොව ඉහළම විශ්මකර්ම දක්ෂතා ලෙස ගැනීමට අප යෝජනා නොකරන බවය.එහෙත් අප ලියූ මේ අදහස වලංගුය.
“එල්පීඑල් හොඳට කරපු මේ රොත්තම ජාතික කණ්ඩායමේ සිටිය යුතු බව කියන්නට අපි ඉක්මන් නොවෙමු.නමුත්මේ නම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් සහ වැඩි අවස්ථාවක් සැකසී තිබිය යුතු බව පිළිගත යුතු නොවේද?”
ලිපියේ මුලට ගොස් බැලූ විට අප කියන දේ තව දුරටත් පැහැදිළි කර ගන්නට හැකිය.

එල්පීඑල් අවසාන තරගයේ ලකුණු විස්තරයට මෙතනින් පිවිසෙන්න.
https://www.espncricinfo.com/series/lanka-premier-league-2022-23-1324518/jaffna-kings-vs-colombo-stars-final-1324542/full-scorecard

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan