විදුලි සැපයුම අර්බුදයකට: ඩීසල් බලාගාරවලින් ගන්න වෙනවා – ඉංජිනේරුවෝ කියති.

නොරොච්චෝල බලාගාරයේ මෙගාවොට් 270 ක් ජාතික විදුලි පද්ධතියෙන් ඉවත්වීමත් සමඟ පවතින විදුලි අර්බුදය උග්‍ර වී තිබේ.

ඒ අනුව දෛනික විදුලි ඉල්ලුම සපුරාලීම අභියෝගයකට ලක්ව ඇතැයි ලංවීම ඉංජිනේරුවෝ පවසති.

විකල්පයක් ලෙස කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය බලාගාරයෙන් මෙගාවොට් 165 ක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට සැලසුම් කළත් එම බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා නැප්තා නොමැති නිසා ඩීසල් බලාගාරවලින් පවතින ඉල්ලුම සපුරාලීමට සිදුවන බව ද ඉංජිනේරුවරු පැවසූහ.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ හතරවැනි බලාගාරය ලෙස මෙගාවොට් 500 යකින් යුත් සාම්පූර් බලාගාරය ඉදිකරන ලෙසට දිගින් දිගටම ඉංජිනේරු සංගමය කියාසිටියත් එය ඉදි නොකිරීමේ වරදින් මුළු රටේම ජනතාව විඳවන බව ද ඔව්හු කියා සිටියහ.

මේ අතර පාවෙන බලාගාර (බාච්) මෙරටට ගෙන්වා හදිසි විදුලි මිලදී ගැනීමකට එක්තරා පිරිසක් කටයුතු කරමින් සිටින බව ද ඉංජිනේරුවරු කියා සිටිති.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...

මැණිකක් රකින නයෙක් වගේ අපි ඩොලර් පෙට්ටියයි රුපියල් පෙට්ටියයි ආරක්ෂා කරනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුව මැණිකක් රකිනා නාගයෙකු මෙන්...

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...