ලැජ්ජාවේ පණ ගියා!

Date:

ඊයේ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනි ශාලාවේ පැවැති ධර්මසිරි බණ්ඩාරනායක මතකාවර්ජන සන්ධ්‍යාව (‘ධර්මසිරි -කරැලිකාර නිර්මාණවේශය’) අර්ථවත් කරමින්, එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා, වෛද්‍ය විද්‍යා සහ සෞඛ්‍ය විද්‍යා පීඨයේ මහාචාර්ය මහේසන් නිර් මලන්, යාපනය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එස් මෞනගුරු සහ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ යන විදවත්හු ඉතා වටිනා දෙසුම් තුනක් පැවැත්වූහ.

ආරම්භක දෙසුම මහාචාර්ය මෞනගුරු මහතා ද්‍රවිඩ භාෂාවෙන් ඉදිරිපත් කරද්දී අපි එහි සිංහල පරිවර්තනය කෙරෙනතුරු ගොළුවන් බිහිරන් සේ ඔහේ බලා සිටියෙමු.

මක්නිසාද?

ජාතික භාෂාව සිංහල පමණක් කිරීමේ ප්‍රතිවිපාකය නිසාය.

‘ලැජ්ජයි නේද?’ මම මා සමීපයෙහි සිටි මහාචාර්ය හිනිඳුම සුනිලුන්ගෙන් ඇසුවෙමි.

‘ඇත්තටම ලැජ්ජයි !‘ ඔහු කීවේය.

මෞනගුරු මහතාගෙ දේශනය කෙරෙන අතරතුර ළඟින්ම සිට එයට සවන් දෙමින්. කෙටි සටහන් තබාගනිමින්, අවසානයේ සිවගරුනාදන් මහතා එය විශිෂ්ට ලෙස සිංහලෙන් ඉදිරිපත් කරද්දී මහාචාර්ය සුනිල් සෙනෙවි මගේ කණට කොඳුරා, මෙසේ කීය.

‘කොහොමද දෙමළ මනුස්සයාගේ වියත් සිංහල දැනුම! ‘

‘දෙවන වරටත් ලැජ්ජයි’ මම කීවෙමි.

අනතුරුව ද්‍රවිඩ ජාතිකයකු වන මහාචාර්ය මහේසන් නිර් මලන් මහතා සිය දෙසුම චතුර ලෙස සිංහලෙන් ඉදිරිපත් කළේය.

යළිත් මහාචාර්ය සුනිලුත් මමත් මුහුණට මුහුණ බලා ගතිමු

‘ අපි ගැන ලැජ්ජයි නේද?’ දෙදෙනාම එකවර කියාගතිමු.

ප්‍රධාන වශයෙන් ජාතීන් දෙකක් වෙසෙන ‘ඒකීය’ රටේ ‘මහ ජාතිය’ විසින් සුළු ජාතීන් යැයි හංවඩු ගැසු, ඒ වියතුන්ගේ බස නොතේරෙද්දී, ඒ ‘සුළු ජාතිය’ තම බස මෙන්ම මහ ජාතියේ බසද මනාව ප්‍රගුණ කරගෙන ඇති ආකාරය ඇදහිය නොහැකි තරම්ය.

සිංහල බස පිළිබදවද ප්‍රාමාණික දැනුමක් ලබා ගන්නට වෙහෙසෙනවාට වඩා අප අදටත් වෙහෙසෙන්නේ ඉංග්‍රීසි භාෂාව පමණක් ඉගෙන ගන්නටය. ඒ වෙනුවෙන් දරණ වෙහෙසෙන අරික්කාලක් අප අපේ රටේ දෙවන භාෂාව ඉගෙන ගන්නට උත්සාහ නොදැරීමේ විපාක අපි ඊයේ හොදින් අත්දුටුවෙමු.

එදා ’56 පෙරළියෙන්’ පසු ‘මේ සිංහල රටේ’ සිංහල පමණක්ම අපට ප්‍රමාණවත්යැයි උදම් ඇනූ පිරිස ද්විභාෂා නූගතුන් ලෙස කොදෙව්ගත වූ ආකාරයටම, අද අපි අපේ රටේ දෙවන භාෂාව බවට පත් කොට ඇති දෙමළ භාෂාව වත් නොදන්නා උද්දච්ච ජාතියක් ලෙස වෙසෙමු!!!

කෙසේ වෙතත් ඊයේ ‘ධර් මසිරි මතකාවර්ජන සන්ධ්‍යාව’ චාම්, අභිමානවත් උත්සවයක් විය. ධර් මසිරි ආචාර්ය උපාධියක් පිරි නමා ඔහුගේ සුවිසල් මෙහෙවර ඉහළින්ම අගැයීම කළ රුහුණු විශ්ව විද්‍යාල බලධාරින්ටත්, ඊයේ උත්සවය සංවිධානය කළ සංවිධායකයනටත් අපගේ ඉහළම ප්‍රණාමය!

Gunasiri Silva – Facebook

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...