අයවැය කළමනාකරණයේ දිශානතිය

Date:

සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ 2022 තෙවන කාර්තුව තුළ 2021 තෙවන කාර්තුවට සාපේක්ෂව රාජ්‍ය ආදායම් 57.6%කින් වර්ධනය වී තිබෙනවා. තෙවන කාර්තුවේදී රටේ මූර්ත ආර්ථිකය 11.8%කින් හැකිලුනත්, 64.7%ක් වූ උද්ධමනයේ බලපෑම නිසා නාමික දළ දේශීය නිෂ්පාදිතය 45.2%කින් ඉහළ ගියා. මෙම තත්ත්වය තුළ, නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට අනුරූපව රාජ්‍ය ආදායම් ඉහළ යාම ස්වභාවික ලෙසම සිදු විය යුතු දෙයක්. ඉතිරි කොටස බදු ප්‍රතිපත්ති වෙනස් වීමේ ප්‍රතිඵලයක් සේ සැලකිය හැකියි.

නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට අනුරූපව රාජ්‍ය ආදායම් මෙන්ම රාජ්‍ය වියදම්ද ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයයි. එහෙත්, 2022 තෙවන කාර්තුව තුළ 2021 තෙවන කාර්තුවට සාපේක්ෂව රාජ්‍ය වියදම් වල 1.4%ක සුළු අඩුවීමක් දැකිය හැකියි. විදේශ ණය හා පොලී නොගෙවා පැහැර හැර තිබීම මෙයට හේතුවක් විය හැකි වුවත්, දේශීය ණය පොලී අනුපාතික විශාල ලෙස ඉහළ ගොස් තිබීම නිසා වියදම් මත ඇති වී තිබෙන පීඩනයද අප‍ට අමතක කළ නොහැකියි. ඒ අනුව, රාජ්‍ය වියදම් දැඩි ලෙස සීමා කිරීමක් පෙනෙන්නට තිබෙනවා.

ඉහත තත්ත්වයන් තුළ 2021 තෙවන කාර්තුවේදී රුපියල් බිලියන 548.0ක් වූ රාජ්‍ය අයවැය හිඟය 2022 තෙවන කාර්තුවේදී රුපියල් බිලියන 341.8 දක්වා 62.4%කින් පහත වැටී තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් ගොඩයාමටනම් මේ තත්ත්වය දිගටම පවත්වා ගන්නට සිදු වෙනවා.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...

හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...