බොර තෙල් මිලේ කැපී පෙනෙන වැඩිවීමක්!

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ,රැසියාව සිය තෙල් නිෂ්පාදනය කප්පාදු කරන බවට ඉඟිකිරීමත් සමඟ වීම විශේෂත්වයක්.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව G -7 කණ්ඩායමේ බටහිර රටවල් රැසියානු බොරතෙල් සඳහා ඩොලර් 60ක උපරිම මිල සීමාවක් පැනවූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් රැසියාව සිය දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් 500,000ත් 700,000ත් අතර ප්‍රමාණයකින් කපා හැරීමට සිදුවිය හැකි බව සඳහන් කර ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දිනක් තුළ ඩොලර් 2.94කින් එනම් 3.63%කින් ඉහළ ගොස් ඇති අතර එම තෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 83.72ක් ලෙසය.

අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද ඩොලර් 2.07කින් එනම් 2.67%කින් ඉහළ ගොස් තිබේ. එම තෙල් බැරලයක මිල ඩොලර් 79.56ක් ලෙස දැක්වෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...