ලෝකයේ වැඩිම අයිස් ගහන රට අපිද…??

Date:

ලෝකයේ වැඩිම ප්‍රමාණයක් පොදු නිවාඩු සහිත රාජ්‍යයන් දහය අතර හතරවෙනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. ශ්‍රී ලංකාවේ පොදු නිවාඩු ප්‍රමාණය 25 ක් ලෙස එම දර්ශකයේ දැක්වේ.

නත්තල් දිනය නිමිත්තෙන් අද දිනයද පොදු සහ බැංකු නිවාඩු දිනයක් ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශයට පත් කළේය. ලෝකයේ වැඩිම ප්‍රමාණයක් පොදු නිවාඩු සහිත රාජ්‍යයන් අතර හතරවෙනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවට ඒ අනුව තවත් පොදු නිවාඩු දිනයක් හිමිවිය.

මෙම දර්ශකයේ පළමු වෙනි ස්ථානයේ මියන්මාරය පසුවන අතර මියන්මාරය පොදු නිවාඩු 32 කට හිමිකම් කියයි. දෙවන ස්ථානය නේපාලයටත් තෙවැනි ස්ථානය ඉරානයටත් හිමව ඇති අතර පිළිවෙලින් පොදු නිවාඩු 30ක් සහ 26ක් එම රටවල් දෙකට හිමි වී තිබේ.

මෙම දර්ශකයේ ඉන්දියාවට නව වෙනි ස්ථානය හිමිව ඇති අතර ඉන්දියාවේ පොදු නිවාඩු ප්‍රමාණය 21 ලෙස එම දර්ශකය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ පොදු නිවාඩු ප්‍රමාණය 25 ක් ලෙස මෙම දර්ශකයේ සටහන් වී තිබුනත් සති අන්තයට යෙදෙන ඇතැම් පොදු නිවාඩු සඳුදා දින ලබා දෙන බැවින් ශ්‍රී ලංකාවට මියන්මාරයද පසු කිරීමට හැකියාව තිබෙන බව ඇතැම් පිරිස් පවසති.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...