පැය 08ක විදුලි කප්පාදුවේ අවදානම පහව ගිහින් නැහැ – ඉංජිනේරු සංගමය යළි අවධාරණය කරයි (VIDEO)

ඉදිරියේදී පැය 08ක විදුලි කප්පාදුවේ අවදානම පහව ගොස් නැති අතර එම කාලය තවත් වැඩිවීමට වුවද හැකි බව විදුලි ඉංජිනේරු සංගමය අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

මෙම වසරේ මුලදී පැය ගණනක විදුලි කප්පාදුවක් සිදුකළේ ගල් අඟුරු නොමැතිව නොවන අතර ඒ ඉන්ධන සපයා ගැනීමට නොහැකි වීම නිසා වන බවත් ඒ වන විට පැවති ගල් අඟුරු සංචිත සැප්තැම්බර් 15 වන විට අවසන් වූ හෙයින් 2023 සඳහා අවශ්‍ය ගල් අඟුරු රටට ගෙන්වාගත යුතු බව දිගින් දිගටම අවධාරණය කළ බවයි එම සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා සඳහන් කළේ.

එසේ නොවුනහොත් ඉන්ධනත් හරි හැටි සපයා ගැනීමට නොහැකි වී,ගල් අඟුරුත් නොමැතිව 2022 ට වඩා බරපතල අත්දැකීමකට මුහුණ දීමට සිදුවිය හැකි හෙයින් කළුවර ජූලියක් සම්බන්ධයෙන් අවදානම ප්‍රකාශ කෙරුණ බවද හෙතෙම සඳහන් කරන ලදී.

මේ අතර නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කර තිබෙන්නේ එහි දෝෂයක් නිසා නොව කෙනෙකුගේ වුවමනාවට බවද වීරරත්න මහතා ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...