අපි ජනතාවට හුස්මක් දෙන එක ජනතාවගේ හුස්ම මිරිකන මිනිස්සුන්ට විහිළුවක් තමයි ! – සජිත්

Date:

තමන් මිනිස්සුන්ට හුස්ම ගන්න උදව් කරන එක, මිනිසුන්ගේ හුස්ම හිර කරන කල්ලි වලට විහිලුවක් වෙන්න පුලුවන් වුවද තමන් කිසි විටෙකත් ඒවායෙන් අධෛර්යයට පත්නොවන බවත්, සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාවෙන් මිදී රටට අගයක් එකතු කිරීම නොපිරිහෙලා ඉටුකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාසැල් වලට බස් දෙනකොට සමහරු හිනහා වෙන බවත්, පාසල් වලට පරිගණක විද්‍යාගාර දෙනකොට සමහරු හිනහා වෙන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ රෝහල් පද්ධතියට හුස්ම හරහා උදව් කරනකොටත් සමහරු හිනා වෙන බව කීය.

සොරුන්ට මල්මාලා දාන රටක, දේශපාලන ඩීල් කාරයින්ට පූජාසන හදන රටක, වේදිකාවල අනෙක් අයව විවේචනය කර කර පුරාජේරු කයිවාරු කාරයින්ට අත්පොළසන් දෙන රටක තමන් කරන සමාජ සත්කාර වලටත් හිනාවෙන සමහරු ඉන්න එක පුදුමයක් නොවන බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

නමුත් තමන්ට හිනා වෙන සමහරුම තමන් විසින් රෝහල් පද්ධතියට පරිත්‍යාග කරන මෙවලම්වලින් කවදහරි හුස්ම ගනු ඇති බවත්, තමන්ට හිනා වෙන සමහරුන්ගෙ දරුවෝ තමන් පරිත්‍යාග කරන බස් රථවල නැගිලා සමහරවිට පාසල් යනු ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා, මේ ගැරහුම් අවමාන අවලාද තමන්ට හොඳට පුරුදු බවද කීය.

සමගි ජන බලවේගයෙන් හුස්මක් 54 හා 55 අදියර යටතේ රු.7,800,000.00වටිනා රෝහල් උපකරණ ත්‍රිකුණාමලය රෝහලට සහ මඩකලපුව රෝහලට පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවූ අතර එම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...