බිලියන 1.5ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ආශු මාරසිංහගෙන් එන්තරවාසියක්!

මාධ්‍ය හමුවක් පවත්වමින් තමන්ට එල්ල කළ චෝදනා මගින් තමාට අපහාසයක් සිදු වූ බව පවසමින් සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ආදර්ශා කරදනට අපහාස කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන 1.5ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් එන්තරවාසී යොමුකර තිබේ.

මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළ සියළු චෝදනා අසත්‍ය බව මෙම එන්තරවාසිය මඟින් ප්‍රකාශ කර ඇත.

තමා පිළිබඳ සකස් කර සංස්කරණය කරන ලද වීඩියෝවක් පළකිරීම හා එම වීඩියෝව පිළිබඳ වැරදි අර්ථ නීරූපනයක් ලබාදීමෙන් තමාට අපහාසයක් සිදුවූ බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිය එන්තරවාසියෙන් පෙන්වා දී තිබේ.

පසුගිය 23 වන දින සමගි වනිතා බලවේගයේ හිරැණිකා ප්‍රේමචන්ද්‍රට සහ ආශු මාරසිංහ සමග වයිවාහක ජීවිතයක් ගතකළ බව පැවසූ ආදර්ශා කරදන මාධ්‍ය හමුවක් පවත්වමින් මහාචාර්ය ආශු මාරසිංහ සුනඛයෙකු අපයෝජනයට ලක්කළ බවට චෝදනා එල්ල කළේය.

මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිය නීතිඥවරුන් මගින් තමාට සිදුවූ අපහාසයට අදාළව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට රුපියල් මිලියන 500ක් හා ආදර්ශා කරදනට රුපියල් බිලියනයක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන ලෙස දන්වා එන්තරවාසි යොමු කර තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...

ට්‍රම්ප් ඉරානයේ දින 7ක යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්...

වැසි තත්වයේ වෙනසක් – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 27) දිනයේදී බස්නාහිර සහ...

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...