අරගලයට දායක වූවන්ගේ අමුතු සැමරුම..

Date:

නව වසර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ අරගලයට දායක වූවන් සැමරුවේ වෙනස්ම ආකාරයකට ය.
සුබ නව වසරක් වේවා වෙනුවට ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ඊයේ (01) සැරසුනේ වසන්ත නිදහස් කරන ලෙස ඉල්ලා පල වූ හෑෂ් ටැග් වලිනි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, සමාජ ක්‍රියාකරීන්, අරගලයට දායක වූවන් මෙන්ම ඇතැම් සාමාන්‍ය ජනතාවගේද ෆේස් බුක්, වට්සැප් ආදී සමාජ මාධ්‍ය ගිණුම් ඊයේ(01) අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාගේ රුවින් සැරසී තිබිණ.

ජනතාව සමග ජනතාව වෙනුවෙන් සටන් වැදුණු වසන්ත මුදලිගේ වහා නිදහස් කරන ලෙස ඉල්ලා ඇති ඔවුන් 2023 ද අරගලයේ වසරක් බව පෙන්වා දී තිබුණේ වසන්තගේ නිදහස පතා විවිධ සුබ පැතුම් එක් කරමිනි.

වසන්ත ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරන තුරු හා ත්‍රස්ත පනත අහෝසි කරන තුරු අඛණ්ඩව සටන් වදින බව ඔවුන් තම ගිණුම්වල සටහන් තබා තිබුණි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන ප්‍රහාර සහ ශ්‍රී ලංකා ආර්ථිකය…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවත්...

කමේනිගේ මරණය සමඟ සතුට, භය සහ බලාපොරොත්තුව අතර ඉරානය බෙදී යයි ද? කාන්තාධිපත්‍යය ද හිස ඔසවන හැඩක්!

සටහන – පුලී මාර්තු 01, LNW (කොළඹ): ඉරාන උත්තරීතර නායක අයතුල්ලා...

ජනතාව ඉන්ධන රැස්කිරීම වැළැක්වීමට පොලිසියෙන් පියවර!

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග පවතින අර්බුදකාරී...

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...