දසුන්ගේ වර්ථමානය සහ පාන්ඩයාගේ අනාගතය

Date:

අද 2023 වසර සඳහා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් සිය පළමු ජාත්‍යන්තර ක්‍රිකට් අත්දැකීම බෙදා ගන්නට සූදානම්ව සිටියි.මෙහිදී ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවන්නේ ආසියාතික සූරයින් හැටියටය.ආසියාවේ ක්‍රිට් රජුන් සේ වැජඹෙමින් සිටින ඉන්දියාව සටනට එන්නේ තමන්ට අහිමි කළ තත්ත්වය රැක ගන්නටය.
නිත්‍ය නායක රෝහිත් ෂර්මා සිටින්නේ ආබාධයකට මුහුණ දි වන අතර කෝලි වැන්නන් ද විවේක ගන්වා හාර්ඩික් පාන්ඩයාට නායකත්වය දී මේ තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට දීම ඉන්දියාවේ අපේක්ෂාව නොවන බව දැන ගැනීම වැදගත්ය.ඉන්දියාව සිය තරුණ බල ඇණිය ලැබෙන සෑම අවස්ථාවකම මුවහත් කර ඇත.ශ්‍රී ලංකාව ඉදිරියට එන්නේ, ඒ දක්ෂතාවලින් මුවහත් වූ දක්ෂයෝය.
ශ්‍රී ලංකාව ආසියානු සූරතාවලියෙන් ඉනික්බිති පුහුණුව හැරෙන්නට අන් බොහෝ දේ ට මුල්තැන දී ක්‍රියා කළහ.ඉනික්බිති ඒ නිදහස සහිත හැසිරීම් රටාව ලෝක කුසලාන තරගාවලියේදි සැහැල්ලුවෙන් පරාජය වන්නට පාර සකසා තිබිණ.දැන් එක් ක්‍රීඩකයෙක් තාමත් වැරදිකරුවාද නිවැරදිකරුවාද යන්න ඕස්ට්‍රේලියානු අධිකරණය තීරණයක් දෙන තුරු එහි රඳවාගෙන ඇත.
ඊට අමතරව ලංකාවේ ක්‍රිකට් ගහන්නේ ක්‍රීඩා අමාත්‍යංශයට ඕනි විදිහටද,ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ඕනි විදිහටද යන්න ගැන තේරුම් ගැනීමත් අපහසු තත්ත්වයකට පත්ව ඇත.විටින් විට වෙනස් තීරණ කඹ ඇදිලි එමටය.ඒ අතින් බලන විට ඉන්දියාව හැටියට ඉන්දියාවේ ක්‍රිකට් ස්වාධීනය.නිරන්තරයෙන් ඉහළ යාම් පහළයාම් ගැන තීරණය කරන්නට විද්‍යාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වන්නේය.ඉන්දියාවේ ඉපදෙන දෙවිවරු ලංකාවට ගෙන්වා ද,ඉන්දියාවට ගොස් ද හමු වී කරදර නිමා කර ගන්නට සිතෙන රාජ්‍ය නායකයන්ද සිටින පොළවක,ඉන්දියාව ඒවා සිය සංස්කෘතික අනන්‍යතාවය ලෙස ගෙන ලෝකයේ ඉදිරියට යා යුතු විද්‍යාත්මක මාවතේ මිරිස් කරල්,දෙහි ගෙඩි අතැර සූක්ෂම ලෙස සිය ගමන සිඳු කරමින් ඇත.
ඒ නිසා ඉන්දියාව යනු දෙවියන්ද මාර්කට් කරන්න දන්න, විද්‍යාවද ටාර්ගට් සඳහා යොදා ගන්න දන්නා රාජ්‍යයක් හැටියට සකලවිධ විෂයන්වලින් පොහොසත් වෙමින් සිටින පොළවක් වී ඇත.ඒ අනුව මේ මොහොත වන විට තමන්ම බෝ කළ විස්සයි විස්ස සැණකෙළි ක්‍රිකට්වලින් සිය ක්‍රීඩකයන්ගේ ශරීරාබාධ ඇති වන බව ඔවුන් තීරණය කරමින් ඒ සඳහා ක්‍රීඩා කිරීම සීමා කරන ලද සංචිතයක් නිරෝගීව නඩත්තු කරන්නට තීරණය කර තිබේ.
එහෙම වැඩ පිළිවෙලක් තියෙන රටක දක්ෂයන් පොකුරු පොකුරු සිටින්නේ ඉන්දියාවේ ඉන්න මහා ජන සමූහය නිසා නොවේය.එවැනි වූ තවත් කෝටි ගණනක් හිටියත් සැළසුමක් නොවන්නට දක්ෂයන් නැත.ඒ සැළසුමේ පලයක් හැටියට මතුව ආ හාර්ඩික් පාන්ඩයා ඉකුත් වසරේ පළමුවරට අයිපීඑල් සඳහා සම්බන්ධ කළ ගුජරාට් කණ්ඩායමට නායකත්වය දෙමින් සූරතාවය දිනා දුන් නායකයාය.නායකත්වය තමාට ආබරණයක් නොව තමා නායකත්වයට වෙන ආකාරයේ වගකීම් සහගත බව ප්‍රකට කළ පාන්ඩයා ඉන්දිය නායකත්වය සඳහා සුදුසුකම් ඔප්පු කළ අයෙකි.
නමුත් පරිනත තත්ත්වය සළකා බලන විට ශ්‍රි ලංකාවේ තත්ත්වයද මහා කාලයක් ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් සහිත කණ්ඩායමක් හැටියට ගත නොහැකිය.නමුත් හොඳින් සංවිධානය වූ විට පරිනත ක්‍රීඩා රටාවකින් ප්‍රතිවාදීන් දමනය කළ හැකි බව ඔප්පු කළ කණ්ඩායමක්ය.එහෙත් ඉන්දියාවේ මෙන්ම විද්‍යාත්මක ක්‍රමවේද වෙනුවට පාළකයාගේ සිට ක්‍රීඩකයා දක්වා තමන්ගේ ආත්ම විශ්වාසය සහ ශක්තිය වෙනුවට නොපෙනෙන බලවේගවලට ක්‍රීඩාව භාර දී වැඩ කරන තත්ත්වයකදී,පිටියේ සිටින එකළොස් දෙනා අතර තිබිය යුතු අනොන්‍ය විශ්වාසය වෙනුවට ඔවුන් විශ්වාසය තබා සිටින්නේ මෑණිවරු,දෙවිවරු,බුදුවරු ගැනය.ඒ දෙවිවරුන්ගේ ආශිර්වාද ගෙනෙන කපුවන් මෑණියන් සහිත කණ්ඩායම් බොහෝ විට ඉන්දියාව නිජබිම කර ගත් පිරිස් ය.ඒ නිසා ඉන්දියාවේදී ඉන්න තැනට දෙවිවරු විරුද්ධ වේ යැයි සිතන්නට ද අපහසුය.
කෙසේ හෝ මේ සටනේ දී ක්‍රීඩා පිටියේ කණ්ඩායමක් විදිහට එකට වැඩ කරන්නට වැඩිම හැකියාව ඇති කන්ඩායම තරගයේ වැඩි වාසි ලබනු ඇත.ඒ සඳහා ඒ මොහොතට අදාළව හරිම දක්ෂයා තොරා ගැනීමට අදාළ කරගත යුත්තේ දක්ෂතාවයම පමණි.ඒ නිවැරදි දක්ෂතාවයට නිවැරදි වටිනාකම හිමි විම මත පාන්ඩයාගේ අනාගතයද දසුන්ගේ වර්ථමානයද තීරණය වනු ඇත.
ශ්‍රී ලංකාව සිටින්නේ දිනන්න පුළුවන් ක්‍රිකට් දක්ෂතා සමඟ සහ පරදින්න පුළුවන් ක්‍රිකට්මය නොවන බලවේග සමඟ ගැටෙමින්ය.අපි බලා සිටිමු.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...