විදුලි ඉංජිනේරුවෝ අකුරට වැඩ අරඹයි!

Date:

ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය අද (19) මධ්‍යාහන 12.00 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.

නව සාමාන්‍යධිකාරීවරයා එම ධූරයෙන් වහාම ඉවත් කරන ලෙස බලකරමින් විදුලි ඉංජිනේරු සංගමය ඊයේ දින ලෙඩ නිවාඩු දමා විරෝධතාවක්ද සංවිධානය කර තිබුණු අතර සිය ඉල්ලීම ඉටු නොවුණහොත් අද සිට අකුරට රාජකාරී කිරීම ආරම්භ කරන බවයි ඊයේ දිනයේදීම අවධාරණය කළේ.

ඒ අනුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අනුව ප්‍රථම අදියරේදී වාර සේවාවේ රාජකාරී කරන ඉංජිනේරුවරුන් එම කාල සීමාව තුළ දී පමණක් රාජකාරී කිරීමට නියමිතයි.

එහෙත් පළමු අදියරේදී දිවයින පුරා හදිසි බිඳවැටීම් සහ ආපදා තත්ත්වයන් වලදී සේවයට වාර්තා කරන බවයි ඔවුන් පවසන්නේ.

දෙවන අදියරේදී පස්වරු 04.15න් පසු කිසිම රාජකාරියකට වාර්තා නොකරන අතර මෙම තත්ත්වය තුළද විසඳුම් නොලැබෙන්නේ නම් තුන්වන අදියරේදී 1996න් පසු සිදුකරන වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමට වුවද ඉඩ ඇති බව ඔවුන් අවධාරණය කර ඇත.

මෙහිදී රජය සහ ජනතාව පත්වන අපහසුතාවට විදුලි ඉංජිනේරුවන් වගනොකියන අතර ඊට වගකිව යුත්තේ විදුලි බල මණ්ඩලයේ සභාපති සහ ඇමරිකානු ගිවිසුමට සහය දැක්වූවන් බවයි ලංකා විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...