ඉන්ධනවලට පැනවූ බද්දෙන් ඉන්ධන මිල ඉහලට! 

Date:

සෑම ඉන්ධන වර්ගයකම ලීටරයක නිෂ්පාදන බද්ද රුපියල් 25 කින් ඉහළ දැමීමට ආණ්ඩුව පියවර ගැනීම නිසා ඉන්ධන ලීටරයක මිල අවම වශයෙන් රුපියල් 25 කින් ඉහළ යනු ඇතැයි වාර්තා වනවා.

ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් ලීටරයක් සඳහා පැවැති රුපියල් 27 ක නිෂ්පාදන බද්ද මෙම නව බදු ඉහළ දැමීමත් සමඟ රුපියල් 52 ක් බවට පත්ව ඇති බවත් වෙනත් පෙට්‍රල් ලීටරයක් සඳහා පැවැති රුපියල් 27 ක බද්ද රුපියල් 52 ක් දක්වා ද ඉහළ ගොස් ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කළා.

සාමාන්‍ය ඩීසල් ලීටරයකට පැවැති රුපියල් 6 ක නිෂ්පාදන බද්ද රුපියල් 31 ක් දක්වා ද, සුපිරි ඩීසල් ලීටරයක් සඳහා පැවැති රුපියල් 13 ක බද්ද රුපියල් 38 ක් දක්වා ද, ඉහළ දමා ඇති බවත් ඊට අමතරව සෙසු සියලුම ඉන්ධන වර්ග සඳහා පැවැති රුපියල් 13 ක නිෂ්පදාන බද්ද රුපියල් 38 ක් දක්වා ද, ඉහළ දමා ඇති බවත් වාර්තා වනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇති ඩොලර් මිලියන 2758ක ණය මුදල පියවා ගැනීම සඳහා ආදායමක් උපයා ගැනීමේ අරමුණින් ඉන්ධන සදහා පවතින බදු අනුපාත ඉහළ නැංවීමට රජය තීරණය කර තිබුණා.

ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාව විසින් අලෙවි කරන සියලු ඉන්ධන වර්ග සඳහා පැවති බදු මට්ටම සෑම ඉන්ධන ලීටරයකටම රුපියල් 25ක බද්දක් එක්කර තිබෙනවා.

මේ පිලිබදව මුදල් අමාත්‍යංශය පවසන්නේ නව බදු අනුපාත සැලකිල්ලට ගෙන මිල ගණන් සංශෝධනය කිරීම ඉන්ධන මිල සුත්‍රයට අනුව සිදු කරනු ඇති බවයි.

නව බදු පැනවීම ක‍්‍රියාත්මක වන්නේ මේ ආකාරයටයි.

asianmirror

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්...

ක්‍රීඩාවේ උන්නතියට ජනපතිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) පෙරවරුවේ, තරුණ...