*
Wednesday, January 15, 2025
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 01/07

  1. ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහත දමන බවත්, 2022 වර්ෂයේ වාර්තාගත රු. බිලියන 01 කට අධික ලාභයක් උපයා ගැනීමට සමත් වූ බවත් ලිට්රෝ ගෑස් සමාගම පවසයි – නව ගෑස් මිල: කි.ග්‍රෑ 12.5 සිලින්ඩරයක මිල රු. 201 කින් පහතට (රු. 4,409); කි.ග්‍රෑ 05 සිලින්ඩරයක මිල රු. 80 කින් පහතට (රු. 1,770); කි.ග්‍රෑ 2.3 සිලින්ඩරයක මිල රු. 38 කින් පහතට (රු. 822) ලාෆ් ගෑස් සමාගම ද ගෑස් මිල පහත දමයි – නව ගෑස් මිල: කි.ග්‍රෑ 12.5 සිලින්ඩරයක මිල රු. 220 කින් පහතට (රු. 5,080); කි.ග්‍රෑ 05 සිලින්ඩරයක මිල රු. 88 කින් පහතට (රු. 2,032).
  2. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි 75 වැනි ජාතික නිදහස් සැමරුමට සමගාමීව 2048 වසර වන විට සමෘද්ධිමත් සහ බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙකු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීම සඳහා “ජාතික යොවුන් වේදිකාව” පිහිටුවීමට නියමිතය.
  3. සුදු සීනි මුවාවෙන් නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 1,200ක් රාජසන්තක කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි – ශ්‍රී ලංකාව තුළ දුඹුරු සීනි ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය කරන බැවින් දුඹුරු සීනි ආනයනය සීමා කර ඇතත් අදාළ ව්‍යාපාරිකයා විසින් ආනයනය කරන ලද බහාලුම්වල තිබූ තොගවලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් දුඹුරු සීනි බව රේගුව විසින් සොයාගෙන ඇත.
  4. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සුරැකීම සඳහා යහපත් විදේශ සේවයක අවශ්‍යතාව පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි – මෙහිදී ආර්ථික සැලසුම්, ආරක්ෂක අරමුණු සහ දේශගුණික විපර්යාස සම්බන්ධ අරමුණු සපුරාගත යුතු බව ද ප්‍රකාශ කරයි.
  1. බුදුදහමට අපහාස කළ බවට ලැබි චෝදනාව මත අත්අඩංගුවට පත් යූටියුබ් ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංග මහවත්තගේ ගේ නියෝගය පරිදි ජනවාරි 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරයි.
  2. ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පළමු වරට තරඟ කරන බව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කරයි – අනෙකුත් වාමාංශික පක්ෂ සමඟ සන්ධානගතව හෝ ස්වාධීන කණ්ඩායම් යටතේ අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමේ සාකච්ඡා පැවැත්වෙන අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් ද පළාත් පාලන ආයතන කිහිපයකට නාමයෝජනා භාරදෙන බව පවසයි – ඒ පිළිබඳ අවසන් තීරණය නිවේදනය කිරීමට නියමිතය.
  3. 2022 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචිත ඇ.ඩා. මිලියන 90කින් පමණ පහත වැටී ඇති අතර, 2022 අවසන් වන විට රටේ නිල සංචිතය ඇ.ඩො. මිලියන 1,896ක් ලෙස වාර්තා වී ඇත – ඉන් ඇ.ඩො. මිලියන 1,400ක් පමණ චීනයෙන් ලැබුණු ස්වප් හුවමාරු පහසුකමෙන් ලැබුණු මුදල් ය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය තවමත් තහවුරු කර නොමැති වාතාවරණයක් තුළ, විදේශ විනිමය පිටතට යාම සහ ගලා ඒම අතර සමතුලිතතාවය පවත්වා ගැනීමට ආනයන සීමා කළ ද, එමඟින් ආර්ථිකය හැකිලීම වැළැක්විය නොහැකි බවත්, අර්ථික වර්ධනයට බාධා ඇතිවන බවත් විශ්ලේෂකයෝ අනතුරු අඟවති – සංචාරක කර්මාන්තයේ ඇතිවන ප්‍රබෝධය මඟින් යම් ප්‍රමාණයකට මෙම තත්ත්වය මඟ හරවා ගැනීමට හැකිවනු ඇති බවට පුරෝකථනය කරති.
  4. “පුනර්ජනනීය බලශක්තිය ඒකාබද්ධ කිරීමේ සැලසුම්, අභියෝග, අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික සහාය, විද්‍යුත් සංචලනය (e-mobility) සහ ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ දැනට සිදුවෙමින් පවතින ප්‍රතිව්‍යුහගත සැලසුම්” පිළිබඳව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් සහ ආසියානු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂිකා කන්නි විග්නරාජා සමඟ සාකච්ඡා කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි.
  5. යූටියුබ් සහ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා නියාමනය කිරීම සඳහා සිංගප්පූරුවේ දැනට භාවිතා වන “විදුලි සංදේශ සහ සමාජ මාධ්‍ය පනත” වැනි පනතක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි – ක්‍රියාකාරීන් අවධාරණය කරන්නේ, වාරණය නොකළ තොරතුරු වාර්තාකරණය මඟින් පවතින ආණ්ඩුවට සහ ආණ්ඩු හිතවාදී ජනමාධ්‍යවලට සිදුවන තර්ජනය හමුවේ සමාජ මාධ්‍ය මර්දනය කිරීමේ නොපසුබස්නා උත්සාහයක ආණ්ඩුව නිරත වන බවයි.
  6. පොදු ව්‍යාපාර පිළිබඳ කමිටුවේ (CoPE) සහ විගණකාධිපතිවරයාගේ බලතල විවේචනය කිරීම සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරට එරෙහිව කථානායකවරයා වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට එම කමිටුව තීරණය කරයි – අමාත්‍යවරයාගේ ප්‍රකාශය වැරදි පූර්වාදර්ශයක් සපයන බවත්, එවැනි ප්‍රකාශයක් සමස්තයක් ලෙස කෝප් කමිටුවට අපකීර්තියක් ගෙන දිය හැකි බවත් පෙන්වා දෙයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan