මැකාර්ති 15වන ඡන්ද වටයෙන් කතානායක පුටුවට

Date:

ඡන්ද ප්‍රකාශ කිරීමේ වට 15කට අනතුරුව අද(07)දිනයේදී කෙවින් මැකාති එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ 55වන කථානායකවරයා ලෙස තේරී පත්ව ඇති බව අනාවරණය වේ.


උදෑසන සභා ගර්භය රැස්වීමෙන් අනතුරුව රිපබ්ලිකන් පක්ෂ කැරලිකාර මැට් ගේට්ස්ගෙන් මැකාර්ති තමාට සහය දෙන මෙන් ඉල්ලා සිටීමත් සමඟ පසුපෙළ මන්ත්‍රීන් අතර යම් වචන හුවමාරුවක් සිදුව ඇත. කෙසේ නමුත් අවසානයෙ කතානායක පුටුව කෙවින් මැකාර්ති හට හිමි විය.

මෙම තනතුර එක්සත් ජනපද උප ජනාධිපතිවරයාට පසුව ඇති බලවත්ම තනතුර වේ. කතානායකවරයා ජනාධිපති ධූරයට දෙවැනි වේ. ඒ අනුව කථානායකවරයා විසින් සභා න්‍යාය පත්‍රය සකස් කරන අතර ව්‍යවස්ථාදායක කටයුතු අධීක්ෂණය කරනු ලබයි.

මැකාර්තිගේ අභිනව ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති ජෝ බයිඩන් විසින් සුබ පැතුම් එක්කර තිබිණ.

සිය ජයග්‍රහණයෙන් අනතුරුව මැකාර්ති ටුවිටර්හි සඳහන් කර තිබුණේ, මෙම සතියෙන් පසු එක් දෙයක් පැහැදිලිවූ බවත්, තමා ඇමරිකත් ජනතාව වෙනුවෙන් කිසිවිටෙක කිසිවක් අත් නොහරින බවත්ය.

සශිකලා මධුෂාණී_

සබැඳි පුවත් :

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...