අපිට දුප්පත්කම කියන්නේ විලාසිතාවක් නෙවෙයි – අනුර කුමාර දිසානායක

Date:

තමා ඇතුළු තමා නියෝජනය කරන දේශපාලන ධාරාව සමන්විත වන්නේ වේදනාව, දුක සහ නීරස ජීවිතය පත පොතින් හෝ තවකෙකුගෙන් අසා ඉගෙනගත් මිනිසුන්ගෙන් නොවන බවත්, එම දුක තම ජීවිතවලින් අත්දැකපු මිනිසුන්ගෙන් බවත්, දුප්පත්කම විලාසිතාවක් බවට පත්කරගෙන තමා දේශපාලනයේ නිරත නොවන බවත් ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඉකුත් දින පැවති “විසඳුම වෙනුවෙන් ජනබලය” නමින් ජාතික ජන බලවේගය විසින් පවත්වනු ලබන ජන හමු මාලාවේ එක් හමුවක් අමතමින් ය.

“ඒ කාලේ මගෙ පංතියේ මගෙ යාලුවො ඉතාමත් දක්ෂ අය. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල හොඳින් තිබුණු අය, ඒත් උසස් පෙළ දී ඉතාමත් අඳුරු ප්‍රතිඵල ලැබුණු අය. ඒ වුණේ කුමක් නිසාද ??? අපි ඒ කාලේ අධ්‍යාපනයදි දුක් ගැහැට විඳපු මිනිස්සු. මේ රටේ අම්මලා තාත්තලාගෙ සෝ සුසුම වේදනාව දැකපු මිනිස්සු අපි. මගේ පන්තියේ මිතුරන් විශාල ප්‍රමාණයක් ඔවුන්ට තෝරා ගැනීමට හැකි රැකියාවක් ලෙස තිබුණේ පොලිසිය නැත්නම් හමුදාව. බොහෝ අය හමුදාවේ සොල්දාදුවන්, බොහෝ අය පොලිසියේ කොස්තාපල්, සමහර අය මියගියා. මේක අපේ ජීවිතේ , මගේ වයසෙ මාගේ මිතුරන් ඇතැමුන් අධික ලෙස මත්පැනට ලොල් වීමෙන් මිය ගියා, සමහර අය විදෙස් ගත වෙලා පවුල දරුවත් අතඇරලා විනාශයට පත්වෙලා.”

“මේ නිසා වේදනාව, දුක, තමාගේ ඉතාමත් නීරස ජීවිතය අපි පොතින් ඉගෙන ගන්න මිනිස්සු නෙමෙයි, අහල ඉගෙන ගන්න මිනිස්සුත් නොවෙයි , අපි අපේ ජීවිත වලින් අත්දැකපු මිනිස්සු, අපිට දුප්පත්කම කියන්නේ විලාසිතාවක් නෙවෙයි, අපි දුප්පත් මිනිස්සු කියන්නේ අපි උඩින් ඉන්න, අපෙන් දෙයක් ලබාගන්න ජාතකයින් නොවේ.”

“සාරිය දෙනකොට සාරිය ගන්න, වැසිකිලි පෝච්චිය දෙනකොට වැසිකිලි පෝච්චිය ගන්න, ආහාර මල්ල දෙනකොට ආහාර මල්ල ගන්න, අපිට අපේ ගමේ මිනිස්සු උඩින් ඉන්න කණ්ඩායමකගේ යාචකයන් නෙවෙයි. අපේ ඥාතීන් අපේ හිතවතුන් අපේම මිනිස්සු. අන්න දැන් අපිට අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ කුමක්ද?? දසක ගණනාවක් මොන පන්නයේ ආණ්ඩු හැදුවත්, දශක ගණනාවක් මොන පන්නයේ නායකයන්ගෙන් ආවත්, අපි මොකක්ද කරල තියෙන්නෙ අපි ඉතාමත් සීමිත ප්‍රභූ පවුල් කණ්ඩායමක අපේ රටේ දේශපාලන නායකත්වයට තෝරගෙන තියෙනවා.”

“අපි ඔබට ආරාධනා කර සිටිනවා ඒ දශක ගණනාවක් ගන්න ගමන් කරපු දේශපාලන මාවත අපි වෙනස් කරමු , වෙනස් කරලා සැබැවින්ම මේ රටත් එක්ක මේ මහ පොළොවත් එක්ක මේ රටේ මහජනයා එක්ක ඉතාමත් සමීපව ගැටගැහුනු අත්දැකීම් තිබෙන අයගේ දුක වේදනාව අත්විඳිමින් තිබෙන නව පරම්පරාවක් අතට අපේ රටේ දේශපාලනය බලය සුක්කානම මාරු කරන්න ඕන. පැරණි අසාර්ථක ප්‍රභූ පවුල් දේශපාලනය පිටිපස්සේ යනවද ඒක වෙනස් කරන වාද තීරණය කලයුත්තේ ඔබයි.”

“අපි ඔබට ආරාධනා කරන්නේ ජාතික ජන බලවේගය ලෙස අන්න ඒ දේශපාලනය වෙනස් කරලා අපේ රටේ පොදු ජනයාගේ පොදුජන ආණ්ඩුවක් ගොඩනැඟීම සඳහා අපි කටයුතු කරමු කියන ඉල්ලීම අපි ඔබෙන් ඉල්ලනවා”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...