හංගේරියානු ආධාර යටතේ නව ගුවන් පාලම් හතරක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය

Date:

මෙරට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා හංගේරියානු එක්සිම් බැංකුව හරහා සහන මූල්‍ය පහසුකම් සැපයීමට එළඹ ඇති ගිවිසුම යටතේ මෙරට ජාතික මාර්ග පද්ධතියේ වාහන තදබදය අවම කිරීම සඳහා නව ගුවන් පාලම් 4ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව,

  1. මුත්තෙට්ටුගල දුම්රිය හරස් මාර්ගය සහ හිරිපිටිය හන්දිය
  2. පස්යාල මංසන්ධිය
  3. මීගමුව මාරිස්ටෙලා මංසන්ධිය
  4. තලවතුගොඩ මංසන්ධිය

යන ස්ථානවල නව ගුවන් පාලම් හතරක් ඉදිකිරීමට යෝජිතය.

මීට අමතරව, හංගේරියානු සහන මූල්‍ය ආධාර ගිවිසුම යටතේ කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘති මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...