මර්වින්ගේ නියෝගය පරිදි පොතුහැර දළදා මාළිගාවේ පත්තිරිප්පුව කඩා ඉවත් කෙරේ

Date:

මහනුවර දළදා මාළිගාවේ අනුරුවක් ආකාරයෙන් කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ ඉදිකර තිබුණු ගොඩනැගිල්ලේ පත්තිරිප්පුව කඩා ඉවත් කිරීම අද (08) උදෑසන ආරම්භ කර තිබේ.

මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයක්ම පොලිසියට ද පැමිණිලි කර තිබුණු අතර පොලිස් පරීක්ෂණයක් ද ආරම්භ වී තිබිණි.

මේ අතර ඊයේ දිනයේදී සිය ආධාරකරුවන් පිරිසක් සමග එහි ගිය හිටපු නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා එම ගොඩනැගිල්ලේ හිමිකරුට නියෝග කර තිබුණේ එහි පත්තිරිප්පුව සති දෙකක් තුළ කඩා ඉවත් කරන ලෙසයි.

ඒ අනුව අද දිනයේ සිටම එහි පත්තිරිප්පුව කඩා ඉවත් කිරීම ආරම්භ කිරීමට එහි හිමිකරු කටයුතු කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...