සීආර් ජය ලබයි – යුද හමුදා පිටියේ මංගල තරගය වැස්ස නිසා සඳුදාට කල් යයි

Date:

නිපොන් පේන්ට් ජාතික රගර් ලීග් සූරතාවලියේ ඊයේ පැවති තරග දෙකෙන් එක් තරගයක් ජය පරාජයෙන් තොරව නිමා වූ අතර එක් තරගයක ජය සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමට ජය හිමිවෙමින් නිමාවට පත් විය.පනාගොඩ යුද හමුදා පිටිය ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවේ ඉදිරි ගමණට දායක කරමින් ඊයෙ ශ්‍රී ලංකා රගර් පිටි අතරට එකතු වූ නමුත් එහි පැවති මංගල තරගය වර්ෂාව නිසා පළමු අර්ධයෙන් පසුව නවතා දමන්නට සිඳු විය.එවිට සත්කාරක හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු 17 – 8 ක් සේ පෙරමුණේ විය.එම තරගය තරග සංවිධායක කමිටුවේ සාකච්ඡාවකින් පසුව ජනවාරි 9 වන දා, සඳුදා රත්මලාන ගුවන් හමුදා පිටියේදී පවත්වන්නට තීරණය විය.


මේ අතර තමන්ගේ ක්‍රීඩා සමාජවලට මැඳින් පිහිටි තුරග තරග පිටියේදි සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම සහ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම මුණ ගැසිණි.එහිදි සීආර් කණ්ඩායමට ජය හිමි වූයේ ලකුණු 27 – 19 ක් ලෙස ය.


චතුර දෙනවිරත්න ගේ නිදහස් පහරකින් ලකුණු ලැබීම ඇරඹු සීආර් ක්‍රිඩකයින් පළමු අර්ධයට ලකුණු 20 ක් එකතු කර ගත්තේය.එයට චතුර සෙනවිරත්න නිදහස් පහර දෙකකින් සහ ප්‍රවර්ථන දෙකකින් දායක වී සිටි අතර මුරෂාඩ් දොරෙයි සහ ගැමුණු චේතිය ලබා ගත් උථ්සාහක ලකුණු දෙකක් ද ඊට එකතු විය.සීඑච් කණ්ඩායමට නිදහස් පහර තුනකින් ලකුණු හිමි වූ අතර එම ලකුණු සියල්ල හිරුෂ සම්පත් විසින් ලබාදෙන ලදී.
දෙවන අර්ධයේදී වැඩි දස්කම් වාර්තා වූයේ සීඑච් ක්‍රීඩකයින්ගෙන්ය.ඔවුන් ලකුණු 10 ක් එකතු කරද්දී සීආර් කන්ඩායම ලබා ගත්තේ ලකුණු හතක් පමණි.එම ලකුණු 7 ගැමුණු චේතිය ලබා ගත් දෙවන උත්සාහක දිණුමෙන් සහ චතුර සෙනවිරත්නගේ ප්‍රවර්ථනයෙන් සීආර් කණ්ඩායමට හිමි විය.සීඑච් කණ්ඩායම වෙනුවෙන් දෙවන අර්ධයේදී ද දස්කම් දැක් වූ හිරුෂ සම්පත් නිදහස් පහරකින් සහ ප්‍රවර්ථනයකින් ලකුණු එකතු කළේය.සීඑච් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිණුම වාර්තා කරන්නට සමත් වූයේ ජනිඳු ඩිල්ෂාන් ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...