ආරක්ෂාවට ගෝඨාභයගේ නිවසේ සිටි සැරයන්ට වෙඩි තියන්න හැදුවේ කවුද???

Date:

මිරිහාන ප්‍රදේශයේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ට ටී56 ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කළේ යැයි කියන එම සැරයන්වරයා සමග ආරක්ෂක රාජකාරි යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඔහුට රාජකාරි සඳහා නිකුත් කර තිබූ එම ගිනි අවිය ද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකාර කොස්තාපල්වරයාට ගිනි අවිය සමග ජීව උණ්ඩ තිහක්ද නිකුත් කර තිබූ අතර එයින් එක උණ්ඩයක් අස්ථානගත වී ඇති නිසා එම උණ්ඩයට සිදු වූයේ කුමක් දැයි යන්න සොයා ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...

Sarah Mardini සහ සහන සේවකයෝ නිදහස් වෙති!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සංක්‍රමණිකයින් බේරා...