ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 2ක් යළි කැඳවයි!

Date:

නිසි අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගැනීම ඇතුළු වත්මන් ආර්ථික අර්බුදයට හේතුවූ බව සඳහන් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනය කර විගණන වාර්තාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය, විගණකාධිපතිවරයා වෙත මාර්තු මස 15 වනදා දක්වා කල් ලබා දී තිබේ.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 2ක් අද (09) යළි කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කර ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම්කරමින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් 2ක ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම්වලට අදාළව ඉකුත් ඔක්තෝබර් මස 7 වනදා තීන්දුවක් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය අමෙරිකානු ඩොලරය, රුපියල් 203ක් වශයෙන් කෘත්‍රිමව රඳවාගැනීම, නිසි අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම ප්‍රමාද කිරීම, ඉකුත් වසරේ ජනවාරි මස 18 වනදා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා මෙරට විදේශ සංචිතවලින් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් ගෙවීම් සිදුකිරීම යන කාරණා සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් අද (09) දිනට පෙර ඉදිරිපත් කරන ලෙස විගණකාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබුණි.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විගණකාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම වාර්තාව සම්පාදනය කිරීම සඳහා විවිධ රාජ්‍ය ආයතන වලින් තව දුරටත් තොරතුරු ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...

ඊශ්‍රායලය විසින් යේමන් අගනුවරට බෝම්බ හෙලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල නාවික හමුදාව...