රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අර්බුදයක. සමෘද්ධි දීමනාවත් ප්‍රමාද වෙයි !

Date:

2023 වසරේදී අපේක්ෂිත ප්‍රමාණයටත් වඩා දරුණු මූල්‍ය අර්බුදයකට මහාභාණ්ඩාගාරය මුහුණ දී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඒ අනුව ජනවාරි මාසයේදී රාජ්‍ය සේවක වැටුප් ගෙවීම පවා ගැටලුවක් වී ඇති අතර ජනවාරි මාසයේ සමෘද්ධි දීමනා ගෙවීමත් සතියකින් හෝ දෙකකින් ප්‍රමාද විය හැකි බව ජනාධිපතිවරයා පැවසූ බවයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

“ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා ලැබුවා වු 2023 වසරේ දී අපි අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා දරුණු මුල්‍ය අර්බුදයකට භාණ්ඩාගාරය මුහුණදි සිටින බව. ආර්ථිකය 2022 හැකිලීම කරණකොට ගෙන බදු මගින් රැස්කර ගත හැකි ආදායම් ප්‍රමාණය වර්ෂය මුල විශාල ලෙස අඩුවෙලා තියෙනවා. රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, රාජ්‍ය ණය සඳහා ගෙවන පොලී, වෙනත් සුබ සාධන වියදම් වැනි එදිනෙදා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් කිසිදු ආදායමක් භාණ්ඩාගාරයට නෑ. ඒ නිසා ප්‍රධාන ගැටලුව ලෙස මුහුණදී සිටින්නේ සෑම මසකම අග රාජ්‍ය සේවක වැටුප් ගෙවීමේ දී. ඒ බිල සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා තමයි ප්‍රමුඛතාවය ලබාදෙන්නේ. මේ වර්ෂය පුරාවට මේ ආදායම් ගැටලුව පවතින නිසාත් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා සියලූම අමාත්‍යාංශවල අයවැය ලේඛනයෙන් වෙන්කළ මුදල්වලින් 5% ක් කපා හරින්න. ජනවාරි මාසයේ දී වැටුප් ගෙවීමේ දී තියෙන දුෂ්කරතාවය නිසා සමෘද්ධි සහනාධාරය ගෙවීම සතියකට දෙකකට කෙටි පමාවක් සිද්ධවෙන්න ඉඩතියෙන බව එතුමා කැබිනට් මණ්ඩලයට දැනුම්දුන්නා. ඒ තරම්ම දරුණු මුල්‍ය අර්බුදයක් මේක”

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ අද (10) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ එම...

Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...