විදුලි ගාස්තු ඉහළ දැමීමට විරුද්ධයි – ජගත් කුමාර

Date:

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එයට විරුද්ධව අනිවාර්යෙන්ම ඡන්දය ප්‍රකාශ කරන බවත් පෝය දිනයේ පස්වරුවේ විදුලිය කප්පාදු කිරීම හොඳ තීරණයක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.

අත්‍යවශ්‍ය ආහාරවල සහ සේවාවල මිල අඛණ්ඩව ඉහළ යන තත්වයක් යටතේ පොදුජන පෙරමුණේ අපේක්‍ෂයන්ට ජනතාව අතරට යෑමට නොහැකි බව කී ජගත් කුමාර මහතා ඡන්දයකට යෑමට නම් අනිවාර්යෙන්ම ජනතාව මත ඇති පීඩනය අඩුකළ යුතු බව ද සඳහන් කළේය.

විදුලි ගාස්තු, අත්‍යවශ්‍ය භාණ්ඩ වන බිත්තර සහ දරුවන්ගේ පාසල් පොත්පත්වල මිල ඉහළ යෑම ආදිය පාලන කිරීම අනිවාර්යෙන් කළ යුතු බවත් ඇමතිවරයා මැදිහත් වී ආනයනික බිත්තරයක් රුපියල් 25 කට අළෙවි කරන්නේ යැයි පැවසූ විට දේශීය නිෂ්පාදකයන් බිත්තරයක් 20 ට දෙනවා යැයි කීමෙන්ම එම ව්‍යාපාරයේ විශාල කුහකකමක් තිබේ යැයි පෙණෙන බවත් මන්ත්‍රී ජගත් කුමාර මහතා කීය.

ඉන්ධන මිල රුපියලකින් ඉහළ දැමූවිට බස් ගාස්තු ඉහළ දැමීමට උත්සහ කරන බස් හිමියන් ඉන්ධන මිල රුපියල් 25 කින් අඩු කළ ද ගාස්තු අඩු නොකරන බවත් මෙවැනි තත්වයන් පාලනය කිරීමට ආණ්ඩුව අනිවාර්යෙන්ම මැදිහත් වියයුතු බවත් ජගත් කුමාර මහතා වැඩි දුරටත් පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...