මැතිවරණය නැවැත්වීමේ පළමු පියවර : ඇප තැන්පත් ගැනීම නවතයි ?

පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙතින් ඇප තැන්පත් ලබාගැනීමෙන් වළකින ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිපියක් නිකුත් කර තිබේ.

එම ලිපිය අද (10) පෙරවරුවේ නිකුත් කර තිබේ.

කෙසේවෙතත් අද පස්වරුවේ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත ලිපියක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් ඇප තැන්පත් කරන්නේ නම් එම ඇප තැන්පතු නිසි පරිදි ලබාගැනීමට කටයුතු කරන ලෙසයි.

RN