සුදම්ගේ ශූන්‍ය

Date:

මනුස්සෙක් මැරෙන්න ගිහිං ආපහු ජීවිතය ලැබුණොත් කරන්නෙ බොහෝ වෙලාවට තමන් විශ්වාස කරන ආගමේ නාමයෙන් පුද පූජා පවත්වමින් පිංකම්වල නිරතවීම.මේ අපට සංස්කෘතිය විසින් ලබා දුන්න උරුමයක්.ජිවිතය ලැබීම ගැන සතුටු වීමට අමතරව ඒ අත්දැකීම හරහා ජීවිතය නැති විය හැකි අවධානම ස්මරණය කරන පිරිස් ඉතාමත් අඩුයි.ඒක සාහිත්‍යමය ප්‍රවේශයකින් ජනගත කිරීමේ සමාජමය සත්කාරයට මැදිහත් වෙන අය ඇත්තෙම නැති තරම්.නමුත් ඇත්තෙම නැති තරම් කියන්න බැරි වෙන්න එහෙම එක පුද්ගලයෙක් පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සිය මරණාසන්න අත්දැකීමට සාහිත්‍යමය වේශයක් ඇතුළත් කරමින් ශූන්‍ය නමින් නව කතාවක් ජනගත කරා.

ඔහු නමින් සුදම් එස්.පහළගම.නාට්‍යකරුවෙක්,නාට්‍ය ගුරුවරයෙක්,මාධ්‍යකරුවෙක්,මාධය සම්බන්ධිකාරකයෙක් මෙන්ම ප්‍රසංග කළමණාකරුවෙක් ලෙසත් සමාජයේ විවිධ පැතිකඩ ඔස්සේ අප දැක විද ඇති සුදම්ගේ හැකියාවන් ජීවිතයේ පළමුවරට සාහිත්‍යමය කෘතියකින් හඳුනාගන්න ලැබෙන්නේ ශූන්‍ය මඟින්.එදිනම සුදම් තමන් විසින් රචිත අපූරු ගීයක්ද සමාජය වෙත මුදා හරිනවා.අම්බරුවෝ නමින් සුදම් රචනා කරන ලද එම ගීතයේ සංගීතය නවරත්න ගමගේ ගෙන්.ගායනය හර්ශන දිසානායකයි.

සුදම් විසින් කරන ලද ශූන්‍ය ඩයන් ගෝමස් වෙත පිළිගන්වන ලද අතර ඔහුගේ ගීතය ජනගත කිරීමද ඩයන් අතින්ම සිඳු වුණා.මෙම කෘතිය සම්බන්ධ දේශන සිඳු කළේ විවිධ මට්ටමේ සුදම් ගුරු කොට සාර්ථකත්වය ට පිවිසි විශ්ව විද්‍යාල ආචාර්යවරු සහ සාහිත්‍යවේදීන් වීම විශේෂත්වයක්.කැළණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙශ්ඨ කථිකාචාර්ය බුද්ධික ජයසුන්දර,සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ චිත්‍ර කලා ඉකිහාස අංශයේ අංශ ප්‍රධානි වජිර නලින්ද ජයතිලක සහ සම්මානනීය සාහිත්‍යවේදී ඩී.එම්.එස්.ආරියරත්න එම දේශකයෝ වූහ.

මෙහිදි රටේ පවතින තත්ත්වය අනුව සිය ගුරු පිඳුම පිණිස නම් කළ ඩීඑම්එස් ආරියරත්නගේ නිමුං කුරුල්ලා කෘතිය සිය දේශනය අතරතුර ඩීඑම්එස් ආරියරත්න විසින් සුදම් එස්.පහළගම වෙත පුද කිරීමද මෙහිදී කැපී පෙණුනා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් හා සම්බන්ධ වාර්තා චිත්‍රපටයක් හේතුවෙන් BBC අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රවෘත්ති ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...

අපේ එකෙක්වත්, අපට සම්බන්ධ එකෙක්වත් අපට නිකමටවත් කතා කරන්න එපා මත්ද්‍රව්‍ය අහුවෙලා කියලා – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුම...

බෙරලපනාතර සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව සැරටම පරාදයි !

මාතර දිස්ත්‍රික්කයේ බෙරලපනාතර සමූපකාර සමිතියේ නිලවරණයේදී ද ජාතික ජන...

පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පිලිපීනයට බලපෑ...