වතු කම්කරුවන් වෙනුවෙන් විශේෂ නීති පද්ධතියක්

Date:

වතු කම්කරුවන්ගේ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා වන විශේෂ  නීති ගෙන ඒමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කටයුතු කරමින් සිටී.

වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර දෙසියක් ගත වීම නිමිත්තෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාව සම්බන්ධයෙන් වතු වෘත්තීය සමිති නියෝජිතයින් සමග අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී වතු කම්කරුවන්ට බලපාන නීති සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබීය.

එහිදී වසර දෙසීයක් තිස්සේ වතු කම්කරුවන්ට බලපානු ලබන මෙතෙක් විසදී නොමැති ගැටලු ගැන අවධානය යොමු කළේය. එම ගැටලු විසදීම සදහා වතු කම්කරුවන්ට බලපාන විශේෂ  නීති  ගෙන ඒ්මටත්, අය වැය යෝජනා අනුව එක් කම්කරු නීති සංග්‍රහයක් මෙම වසර තුළදී සකස් කරන විට වතු කම්කරුවන් සදහා වන විශේෂ නීති  ඇතුළත් කිරීමටත් කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

වතු කම්කරුවන් මේ වන විට රාජ්‍ය අංශයට හෝ පුද්ගලික අංශයට අයත් සේවකයින් සේ නොසැලකෙන අතර පඩි පාලක සභා යටටත ගැනෙන්නේද නැත.වතු කම්කරුවන් වෙනුවෙන් ගෙන ඒනු ලබන නව නීති මගින් ඔවුන්ට විශේෂ ආරක්ෂණයක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

වතු කම්කරුවන්ට අදාලව කම්කරු‌ දෙපාර්තමේන්තුව විසින් යවනු ලබන ලිපි සිංහල භාෂාවෙන් යොමු කිරීමත්, ඒ් නිසාම සිය ගැටලු විසදා ගැනීමට නොහැකිවීමේ ගැටලු පිළිබදවත් වතු වෘත්තීය සමිති මෙහිදී කරුණු මතු කළේය. ඒ් අනුව වතු කම්කරුවන්ට අදාලව කම්කරු දෙපාර්තමේන්තුව විසින් යවනු ලබන සියලුම ලිපි දෙමළ භාෂාවෙන්ද යොමු කරන ලෙසට ඇමැතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

මෙම සාකච්ඡාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජීවන් තොන්ඩමන්, වඩුවෙල් සුරේෂ් සහ වතු වෘත්තීය සමිති නියෝජිතයින්ද, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ්. විමලවීර, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය