මන්දිර කුමන්ත්‍රණ එපා. වහා මැතිවරණය පවත්වනු – විපක්ෂ නායක සජිත් අවධාරණය කරයි

Date:

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා මැතිවරණ කමිෂන් සභාව විසින් කැඳවා තිබෙන අතර, මැතිවරණය සදහා ඇප භාර ගැනීමත් මේ වෙනවිට මැතිවරණ නිලධාරීන් විසින් ආරම්භ කොට ඇති බවත්, එවන් තත්ත්වයක් තුළ මැතිවරණයට ඇප බාර ගැනීම නැවත දන්වන තුරු නවත්වන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කරන්න කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙය, සහමුළින්ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කිරීමක් මෙන්ම, ජනතා පරමාධිපත්‍යයට එරෙහිව යාමක් බව පැවසූ විපක්ෂ නායකවරයා මෙයත් සහමුලින්ම මන්දිර සහ මණ්ඩල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් යැයිද පැවසීය.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කළාට පස්සෙ, මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාදාමය පවත්වාගෙන යාම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමක් බව පැවසූ විපක්ෂ නායකවරයා කැබිනට් මණ්ඩලය ගෙන ඇති මෙම තීන්දුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන නීති විරෝධී තීන්දුවක් බවද සඳහන් කළේය.

ජනතා පරමාධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීම උදෙසා ආණ්ඩුව ගනු ලැබූ මේ අන්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව මුළු රටම සමග පෙරට ඒමට සමගි ජන බලවේගය සූදානම් බවද ඒ මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ (10) පස්වරුවේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...