*
Monday, October 14, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 01/12

1. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය(GDP) 2022 දී සියයට 9.2% කින් පහත වැටී ඇති බවට ඇස්තමේන්තු කර ඇති බව ලෝක බැංකුවෙන් ප්‍රකාශයක්! – නිදහසින් පසු ඉහළම පරිහානිය මෙය වේ.

2. විදේශ අමාත්‍යාංශය විසින් කැනේඩියානු මහ කොමසාරිස්වරිය විදේශ අමාත්‍යාංශයට කැඳවා, කැනේඩියානු රජය විසින් සම්බාධක පැනවීම සඳහා හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන අයවලුන් නම් කිරීමට එරෙහිව දැඩි විරෝධයක් ප්‍රකාශ කරයි.

3. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, අනුර යාපා ඇතුළු තවත් දේශපාලන කණ්ඩායම් කිහිපයක් එක්ව “නිදහස් ජනතා සන්ධානය” නමින් නව සන්ධානයක් ගොඩ නඟා ඇත.

4. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ණය දෙන ආයතන වැඩිපුර මුදල් මුද්‍රණය නොකරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි – එබැවින් රජයට බොහෝ මූලික කාර්යයන් ඉටු කිරීමට නොහැකි වීම පිළිබඳ කණගාටුව පළ කරයි: මහබැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහගේ පළමු දින 268 හෙවත් 2022 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රුපියල් බිලියන 868 ක විශ්මයජනක අන්ඳමේ මුදලක් මුද්‍රණය කර ඇත: ණය පැහැර හැරීමේදී පවා එවැනි මුද්‍රණ අනුපාතයක් ඔහුට පෙර මහ බැංකු අධිපතිවරුන්ට වඩා සියයට 45 කින් ඉහළ මට්ටමක පවතී.

5.චීනය සහ ඉන්දියාව හැකි ඉක්මනින් ඔවුන්ගේ ණය ලබා දීමට එකඟ විය යුතු බව මහබැංකු අධිපති ආචාර්‍යය නන්දලාල් වීරසිංහ BBC යට ප්‍රකාශ කරයි – විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා ලෙස චීනයට ඒ සඳහා වැඩි වගකීමක් පැවරී ඇති බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් ප්‍රකාශ කරයි: ශ්‍රී ලංකාවට මෙම සහතිකය වහා අවශ්‍ය බැවින් චීනය ප්‍රමාද නොවනු ඇතැයි එක්සත් ජනපදය බලාපොරොත්තු වන බවද පවසයි.

6.එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් Eileen Laubacher මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්! – එහි දී ඇය රටේ වත්මන් ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති සාධනීය පියවර පිළිබඳ ඇමෙරිකානු රජයේ ප්‍රසාදය පළ කරයි.

7. ජනාධිපති පාර්ලිමේන්තු ලේකම් මහාචාර්ය ආශු මාරසිංහ සතුන් සමග ලිංගිකව හැසිරෙන බව පවසමින්, විඩීයෝවක් ද ප්‍රචාරය කරමින් ආශු මාරසිංහ චෝදනා එල්ල කළ ආදර්ශා කරන්දන නමැති කාන්තාව පොලිස් පරිගණක අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනේ – මහාචාර්ය ආශු මාරසිංහ කළ පැමිණිල්ලකට අනුව එසේ අත්අඩංගුවට ගැනීම සිදු විය.

8. නාමයෝජනා භාරගැනීමෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය නියම කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසයි.

9. වසර 4ක ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක පහසුකම සඳහා IMF අනුමැතිය, 2023 දෙවන කාර්තුව දක්වා ද ප්‍රමාද විය හැකි බව SCB පර්යේෂණ වාර්තාව පෙන්වා දෙයි – වාණිජ ණය හිමියන් සමඟ සාකච්ඡා 2023 දෙවන භාගය වෙත ආපසු තල්ලු කර 2023 අග වන විට පමණ ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුවකට එළඹෙනු ඇතැයි අපේක්ෂා කරයි: කාලීන විසර්ජන මිණුම් සලකුණු සපුරාලීම මත රඳා පවතින බැවින් ප්‍රථම අනුමැතියෙන් පසුව පවා ණය වැඩසටහනට බාධා ඇතිවීමේ දැඩි අවදානමක් පිලිබඳ අනතුරු අඟවයි.

10. 2018 වසරේ “කන්තලේ සීනි කම්හලේ අල්ලස් නඩුව” සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක යන අයට එරෙහිව මහාධිකරණය විසින් පනවන ලද වැරදි සහ දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරයි – එහිදී කුසුම්දාස මහානාම හට අවුරුදු 20 ක රැඳවුම් කාලයක් සහ පියදාස දිසානායක හට අවුරුදු 12 ක කාලයක් නියම කර ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan