පිළිකා රෝගීන්ට සහනදායී පණිවිඩයක් …

පිළිකා රෝගීන් දහස් ගණනක් අසරණ වෙමින් තිබෙන මොහොතක එම හිඟව පවතින පිළිකා නාශක ඖෂධ 43 ක් ලබන මාසයේ මෙරටට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ ඉන්දියානු ණය ආධාර හා ලෝක බැංකු අධාර අධාර යටතේ එම ඖෂධ මෙරටට ලැබෙන බව හා හිඟ ඖෂධ මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය වූ බව ද ලේකම්වරයා පවසයි.

හිඟ ඖෂධ තොගය ලැබෙන තෙක් මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ පිළිකා රෝග ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ට උපරිම කළමනාකරණයකින් හා අරපිරිමැස්මෙන් යුතුව ඖෂධ ලබා දීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...