පූජිත් ජයසුන්දර චෝදනාවලින් නිදහස් කරනවාද ? තීන්දුව පෙබරවාරි 18 වැනිදා!

Date:

බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එල්ල වී ඇති චෝදනාවලින් ඔහු නිදහස් කරන්නේද එසේ නැතහොත් ඔහුට එරෙහිව විත්තිවාචක කැඳවන්නේද යන්න පිළිබඳව පෙබරවාරි 18 වැනිදා ප්‍රකාශයට පත් කරන බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද දැනුම් දුන්නේය.

මෙම නඩුව නාමල්ල බලල්ල, ආදිත්‍ය බාලපටබැඳි, මොහමඩ් ඉර්ෂඩීන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවා තිබිණි.

මෙම නඩුවට අදාල පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කරන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විනිසුරු මඩුල්ල වෙත දැනුම් දුන්නේය. සැකකරු චෝදනාවලින් නිදහස් කරන්නේද නැද්ද යන්න මීළඟ නඩු දිනයේදී ප්‍රකාශ කරන බවට තීරණය කළේ ඒ් අනුවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන්...

නගර තුනක ආණ්ඩු විරෝධී ජනරැළි තුනක් ළඟදීම අපි පවත්වනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 22 කොළඹ LNW : ඒකාබද්ධ විපක්ෂයෙන් තවත්...

හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?

ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...