කැබිනට් අනුමැතියත් ලැබුණු මාස 6 වීසා යෝජනාව ක්‍රියාත්මක නොකරන්නේ ඇයි ?

Date:

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් සඳහා ලබාදෙන දින 30ක වීසා කාලය මාස 6 ක් දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන්නේ 2022 ජුලි මාසයේදී ය.

ඒ, ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් සිටියදී ඉදිරිපත් කළ යෝජනාවක් අනුව ය.

මෙම යෝජනාව “2030 ශ්‍රී ලංකාව සංවර්ධිත රටක්” මැයෙන් ඒ මහතා ඉදිරිපත් කළ සංවාද ප්‍රතිපත්ති පත්‍රිකාවෙහි ද අඩංගුව තිබුණු එකක් වන අතර එම යෝජනාවෙහි අරමුණ වී තිබුණේ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම 10% කින් ඉහළ නංවා ගැනීම ය.

කෙසේවෙතත් එම යෝජනාව මේ වනවිට ක්‍රියාත්මක නොවන බව ආරංචිමාර්ග සඳහන් කළේය.

රට දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක, ඒ විදේශ විනිමය අර්බුදය නිසාම ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අවස්ථාවක එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉදිරිපත් කරනු ලදුව, කැබිනට් අනුමැතිය ද හිමිවූ මෙම වීසා කාලය දීර්ඝ කිරීමේ යෝජනාව ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්න බරපතළ ප්‍රශ්නයකි.

එසේම ඉතාම පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි මෙවන් පියවරක්වත් ක්‍රියාත්මක නොකර මේ අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා බලාපොරොත්තු වන්නේ කෙසේද යන්න ඊටත් එහා ප්‍රශ්නයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බිමහෙළු නිවාස වෙනුවෙන් තට්ටු නිවාස ව්‍යාපෘතියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස...

බැඩිමින්ටන් දක්ෂයන්ට වැඩි වෙහෙසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: මේ දිනවල ගල්කිස්ස ශාන්ත...

බාල ඖෂධවල වගකීමෙන් සෞඛ්‍ය ඇමතිට විනිර්මුක්ත වෙන්න බෑ – වෛද්‍ය චමල් ලේඛන සහිතවම පෙන්වයි

සටහන - රුවන් නෙළුගොල්ල බාල ඖෂධ සිද්ධියකදී දේශපාලනඥයින්ට එහි වගකීමක්...

වර්ණ ප්‍රදාන මාෆියාව නැවතීමට චනිත්මා තැනූ වේදිකාවට ගොඩ වෙන්න අගමැතිණියට ඇරයුමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: මේ වන විට සිරිමා...