ඩුබායි රාජ්‍යයේ බින් ජුමා අල් මක්තුම් කුමරු සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර සාකච්ඡාවක්

Date:

දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජ පවුලේ සාමාජිකයකු වන ෂෙයික් මොහොමඩ් බින් මක්තුම් බින් ජුමා අල් මක්තුම් කුමරු ඇතුළු දූත පිරිස පසුගිය 13 වනදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නියෝජිතයින් හමුවී සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එහිදී බින් මක්තුම් බින් ජුමා අල් මක්තුම් කුමරු ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවේ ව්‍යාපාර එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා සහාය ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.

මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලශක්ති, කැණීම් සහ කෘෂිකාර්මික අරමුදල් භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීමට ද ඔවුන් කැමැත්ත පළකර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයවැය එපා. අලුත් එකක් ගෙන්න – සජිත් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපතට පත් ජනතාවට සහන දීම සඳහා පවතින...

රජයේ වාහන 40ක් අවභාවිතා කරලා – වීරවංශට වරෙන්තු!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු...

ඉන්දියාවේ අඛණ්ඩ සහය – තවත් හදිසි වෛද්‍යාධාර තොගයක් මෙරටට!(PHOTOS)

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් හදිසි...