මට කෝටි 10 ක වන්දියක් ගෙවන්න වුනේ අනුන් කළ වරදකට: සිරිසේන

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට රු. කෝටි 10 ක වන්දි මුදලක් ගෙවීමට නියම වූයේ තමා කළ වරදක් නිසා නොව වෙනත් අය කළ වරදක් වෙනුවෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි සහ විදේශ විනිමය පනත යටතේ නියෝග පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (17) දින පැවති අවස්ථාවේ ය.

යම් ජනාධිපතිවරයකු පත් කළ නිලධාරියකු අතින් වරදක් සිදු වුවහොත් එහි වගකීම ඒ ජනාධිපති වරයාටද ඇති බව සඳහන් වන හෙයින් තමාට ඒ දඩ මුදල නියම වූයේ යැයි ද එවැනි සදහනක් නොතිබුණේ නම් තමා නිර්දෝෂී පුද්ගලයකු වන්නේ යැයි ද පැවසූ සිරිසේන මහතා මෙපමණ විශාල වන්දි මුදලක් ගෙවීමට ප්‍රමාණවත් මුදලක් තමා සන්තකයේ නැතැයි පැවසූ අතර, රටපුරා ලෝකය පුරා හිතවතුන්ගෙන් මෙන්ම පුළුපුළුවන් අයගෙන් ඒ සඳහා ආධාර උපකාර ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...