නේපාල් ගුවන් අනතුරේ මියැදුණ ආදරය!

Date:

ඉකුත් ඉරුදින නේපාලයේදී කඩා වැටුණු Yeti එයාර්ලයින්ස් ගුවන් යානයේ සහාය නියමුවරිය එම ගුවන් සේවයේම පියාසර කළ ගුවන් නියමුවෙකුගේ වැන්දඹුවක් වූ අතර මීට වසර 16 කට පෙර ඔහු ද ගුවන් අනතුරකින් මිය ගියේය.

2010 දී Anju Khatiwada සිය සැමියාගේ අඩිපාරේ යමින් Yeti ගුවන් සේවයට සම්බන්ධ වූවාය. Dipak Pokhrel වන ඇයගේ ආදරය ද නේපාල ගුවන්සේවය සඳහා පියාසර කළ නමුත් ඔහු පියාසර කරමින් සිටි කුඩා මගී ගුවන් යානයක් ගොඩබෑමට මිනිත්තු කිහිපයකට පෙර කඩා වැටීමෙන් ඔහුට තම ජීවිතය අහිමි විය.

දශක තුනකින් හිමාලයානු පෙදෙසේ ඇතිවූ මාරාන්තිකම ගුවන් අනතුර ලෙස දැක්විය හැකි, අවම වශයෙන් පුද්ගලයින් 68 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්කළ පොකාරා නගරයට ළඟා වන විට කඩා වැටුණු එම ගුවන් යානයේ සහාය නියමුවරිය වූයේ ඛතිවාඩා ය.

ඇගේ සැමියා වන දිපක් පොක්‍රෙල්(Dipak Pokhrel ) 2006 දී ජුම්ලා හි Yeti Airlines හි Twin Otter ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් මිය ගියේය.

පැය 6,400 කට වඩා පියාසර කාලයක් සිදුකර ඇති ගුවන් නියමුවෙකු වන Khatiwada මීට පෙර කත්මණ්ඳු අගනුවර සිට රටේ දෙවන විශාලතම නගරය වන Pokhara දක්වා ගුවනේ සෙල්ලම් දැමූ වීරවරියකි.

“ඛතිවාඩා සහ පොක්‍රෙල්” ආදරයට ගුවන ආශිර්වාදක් වී නොමැත. පතාගෙන ආ අය යන්නෙත් එකම විදියට යන්නට උදාහරණ සපයමින් මෙවැනි බැඳීමක්ඇති වීමත් නැති වීමත් හරි අහම්බයකි.

නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...