ඟග අද්දර ගැහැණු ළමයි නවතියි

ඟග අද්දර,ගැහැණු ළමයි,යහළු යෙහෙළි,මායා,සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා,ලොකු දුව,දුවට මවක මිස,සක්මන් මළුව සහ වෛෂ්ණාවී චිත්‍රපට නිර්මාණය කළ සුමිත්‍රා පීරිස් මීට ටික වේලාවකට පෙර සිය දිවි සැරිය නිමා කළාය.

ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් වූ ලාංකේය සිනමා වංශකතාවේ මහා පුරුෂයාගේ බිරිඳ වූ සුමිත්‍රා,ලාංකේය සිනමාවේ ගැහැණු පෞරශයේ සංකේතයක් බඳු වූ චරිතයකි.

වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ඥාති සොහොයුරියක වන සුමිත්‍රා ලංකාවේ පතාක දේශපාලන පවුලක් වන බොරළුගොඩ ගුණවර්ධන පවුලේ සාමාජිකාවකි.

විවාහයට පෙර සුමිත්‍රා ගුණවර්ධන නම් වූ ඇය එම පවුලේ වර්ථමානය නියෝජනය කරන වෘත්තීය දේශපාලන චරිතවලට වඩා මේ පොළව මත දේශපාලන දෘෂ්ඨියකින් සිය නිර්මාණ චාරිකාව සිඳු කළාය.

සුමිත්‍රා ලාංකේය සිනමාව තිබෙන තුරු නොමියෙන නමකි.ඇයට අපි අපේ ගෞරවණීය ආචාරය පුදන්නෙමු!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...