පොලී අනුපාතිකවල කැපී පෙනෙන පහළ යාමක්

0
823

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ඊයේ (18) දින පැවති අතර පොලී අනුපාතිකවල කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී ඇත.

මෙහිදී දින 91 බිල්පත් පොලිය 31.15% සිට 30.08% ක් දක්වා පදනම් අංක 107කින්, දින 182 බිල්පත් පොලිය 31.37% සිට 29.07% ක් දක්වා පදනම් අංක 230 කින් සහ දින 364 බිල්පත් පොලිය 29.04% සිට 28.25% ක් දක්වා පදනම් අංක 79 කින් පහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

එමෙන්ම, වෙන්දේසිය සඳහා රු. මිලියන 95,000 ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ලැබී ඇති ලංසු ප්‍රමාණය රු. මිලියන 194,771 ක් වන අතර, වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමාන වන අයුරින් ලැබී තිබුණු ලංසුවලින් රු. මිලියන 95,000 ක ලංසු අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියරව ගෙන ඇත.

රෂිකා හෙන්නායක