සියලු අර්බුදවලට හේතුව කොවිඩ් වසංගතය කියලා අපිට නිදහස් වෙන්න බෑ – රනිල් වික්‍රමසිංහ

Date:

වර්තමානයේදී රට මුහුණ දී සිටින සියලු ගැටලුවලට හේතුව කොවිඩ් වසංගතය බව කියමින් සියලු ප්‍රශ්නවලින් පළායාමට ආණ්ඩුවට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වසංගත තත්වය තිබියදී අසල්වැසි සියලු රටවල් විදේශ සංචිත ඉහළ දමා ගනිමින් වසංගත තත්වයෙන් එම රටවල ආර්ථිකයට සිදු වූ හානිය අවම කර ගැනීමට සමත් වූ නමුත් මෙරට ආණ්ඩුව සියල්ලටම හේතුව කොවිඩ් වසංගතය බව පවසමින් ප්‍රශ්නවලින් ගැලවීමට උත්සාහ දරමින් සිටින බවයි එජාප නායකයා සඳහන් කරන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තු විවාදයට සහභාගිවෙමින් මේ බව සඳහන් කළේය.

වසර 34 කට පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැවැන්තම ආර්ථික හා දේශපාලන අර්බුදය වර්තමානයේදී එළඹ තිබෙන බවත්, සියලු අර්බුද කොවිඩ් වසංගතය මත පැටවීමට වඩා අර්බුදයෙන් ගොඩ ඒමට විසඳුම් සෙවීම වත්මන් ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වන බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

2026 වසර දක්වා වසරකට ඩොලර් බිලියන 06 බැගින් ණය වාරික ගෙවීමට සිදුවන බවත්, ඉතා නුදුරේදීම ඇමරිකානු ඩොලර් බිලියනයක බැඳුම්කර ගෙවීමට තිබෙන බවත් පෙන්වා දෙන එජාප නායකයා පවසන්නේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා පියවර කුමක්ද යන්න මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට පැහැදිලි කළයුතු බවයි. මෙම අර්බුද විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යන්නේද එසේ නැතහොත් වෙනත් විකල්පයක් අනුගමනය කරන්නේද යන්න පැහැදිලි කළයුතු බවද ඔහු පවසනවා.

https://www.youtube.com/watch?v=Gr9eRkEFwtw

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය කර්මාන්තකරුවන් රැකගත යුතුයි – විද්‍යා හා තාක්ණ අමාත්‍ය 

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : පාරම්පරික පිත්තල කර්මාන්තය...

ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම 2023–2030 එළිදැක්වීම කොළඹදි!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන,...

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ ලේකම්...

අභියාචනාධිකරණ සභාපති ධුරය : රොහාන්තට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ...