වැඩි වැටුප් ලබන අයගෙන් වැඩිපුර බදු අයකළ යුතුයි – රවී කුමුදේශ්

Date:

වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසන්නේ රටේ වැඩි වැටුප් ලබන අයගෙන් වැඩිපුර බදු අයකළ යුතු බවයි.

තවදුරටත් ඒ පිළිබඳ අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ සාමාන්‍ය ජනතාවට සහනයක් ලැබෙන ලෙස බැංකු පොලිය අඩුකිරීම, වැට් බදු අඩු කිරීම, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම වැනි දේ සිදුවිය යුතු බවත්, වැඩිපුර වැටුප් ලබන පිරිස් රටේ සම්පත් වැඩි ප්‍රමාණයක් භුක්ති විඳි බවත්, ඔවුන්ගෙන් එය අයකර ගෙන සාමාන්‍ය ජනතාවට ලබාදීම මේ අවස්ථාවේ රටක් වශයෙන් කළයුතු බවත් ඒ මහතා කීය.

රට මේ තත්ත්වයට පත් වූයේ රටේ සම්පත් විනිවිද භාවයකින් තොරව සුළු පිරිසකට වැඩිපුර ලබාදීම නිසා බවත්, එය ඔවුන්ගෙන් නැවත අයකර ගෙන සාමාන්‍ය ජනතාවට සහන දීමට උත්සාහ කරන අවස්ථාවේ එයට එරෙහිව විරෝධතා දැක්වීමට තම සංගමය කටයුතු නොකරන බවත් කුමුදේශ් මහතා පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...