ප්‍රංශයේ වික්ටර් පෙරමුණ ගනියි

ඉන්දියාවේ ඔඩිස්සා හී පැවත්වෙන ජාත්‍යන්තර හොකී සම්මේලනය මෙහෙයවන පිරිමි හොකී සූරතාවලියේ වැඩිම ගෝල්ලාබියා සේ පෙරමුණ ගන්නට ප්‍රංශයේ චාර්ලට් වික්ටර් සමත්ව සිටිනවා.විශේෂත්වය වෙන්නෙ මේ වන විට තරගාවලියේ ප්‍රංශය රැස් කරගෙන සිටින මුළු ගෝල ප්‍රමාණයෙන් හයක්ම වික්ටර් ලබාගෙන සිටීමයි.


ප්‍රංශය තරගාවලිය ආරම්භ කළේ එංගලන්තය ඉදිරියේ ගෝල 8 – 0 ක් සේ පරාජය ලැබීමෙන් අනතුරුවයි.අනතුරුව ඔවුන් දකුණු අප්‍රිකාව පරාජයට පත් කරේ ගෝල 2 -1 ක් ලෙසයි.ආර්ජෙන්ටිනාව සමඟ තරගයේදී ප්‍රංශය ගෝල 5 – 5 ක් සේ තරගය සම කර ගැනීමට සමත් වෙනවා.දකුණු අප්‍රිකාව සමඟ තරගයේදී ගෝල දෙකම රැස් කර ගන්නා වික්ටර් ආර්ජෙන්ටිනාවට එරෙහිව තරගයේ දී ප්‍රංශය වාර්තා කරන ලද ගෝල පහෙන් හතරක්ම ලබා ගැනීමට සමත් වෙනවා.


දැවන්ත පෙණුමක් සහිත චාර්ලට් වික්ටර් අඩි 5.5 ක් උස අවුරුදු 29 ක් වයසැති ක්‍රීඩකයෙක්.2014 සිටම ප්‍රංශ ජාතික කණ්ඩායම නියෝජනය කරන වික්ටර් ඒ අතර කාලය තුළ තරග 116 දී ප්‍රංශය නියෝජනය කර තිබෙනවා.ඔහු එම තරගවලදී ප්‍රංශය වෙනුවෙන් ගෝල 55 ක් ලබා දෙන්නට ද සමත් වී තිබෙනවා

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...