නැවතත් ක්‍රිකට් කෙල්ලන්ට පරාජය

Date:

පළමු කාන්තා ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මූලික වටයේ තරගවලින් පසුව දෙවන වටයේ ඒ කාණ්ඩයේ සුපිරි හය අතරට ඇතුළත්ව ඇත.එහිදී මුහුණ දුන් පළමු තරගයෙන් මීට පෙර ඉන්දියාව මුණ ගැසුණු අවස්ථාවන් හී ලබා ඇති පරාජයන්ටත් වඩා දරුණු පරාජයකට මුහුණ දී කඩුලු හතක පරාජයක් අත්පත් කර ගත්තේය.


පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පිටියට පිවිසියේ කාසියේ වාසිය ලැබූ ඉන්දීය කණ්ඩායමේ ආරාධනය පරිදිය.නමුත් ඉන්දියාවේ පන්දු යැවිම ඉදිරියේ යාන්තමට හෝ සාර්ථක වන්නට ලැබුණේ නායිකා විශ්මි ගුණරත්නට පමණයි.ඇය ලකුණු විසිපහකට දවා ගනිමින් පන්දු යවමින්ම පෙරළා උඩ පන්දුවක් ලබා ගත් පාර්ශවී චොප්රා ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට බල පෑ දරුණුම හිසරදය විය.ඇයගේ පා දඟ පන්දු හමුවේ පන්දු ඕවර් හතරටම ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට ලබා ගන්නට හැකි වුණේ ලකුණු 5 ක් පමණි.ඒ අතරතුර ඇය කඩුලු හතරක් ද දවා ගත්තාය.තරගයේ වීරවරිය වූයේ ද පාර්ශවී ය.


ශ්‍රී ලංකා ඉණිම ලකුණු 59 ට සීමා වූයේ ඹීට පෙර තරගයේදී ඕස්ට්‍රේලියාව ඉදිරියේ ලබා ගත් ලකුණු ගණනටම සීමා කරමින්ය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින දක්ෂතම පිතිකාරිනියක වන නෙත්මි මේ මොහොතේ ආරම්භක පිතිකාරිනියක සේ ලකුණු අතරට නො’එන තත්ත්වයක් තුළ පිතිකරණ නාමාවලියේ පහතට ගෙන උථ්සාහ කර බැලීම මේ තරගයේදී ත් දකින්නට නොලැබිණ.ලකුණු අතර සිටින ක්‍රීඩිකාවන් වන මනුදි නානායක්කාර වැන්නියක්ගේ පසුපසට ගෙන නෙත්මිව පිතිකරු නිමාවලියේ රැඳවිය හැකිනම් වාදගත් විය හැකි බව පෙන්වා දුන්න ද,මේ තරගයේදී මනුදි, උමායා රත්නායකගෙන් පහළට කැඳවා තිබිණ.


පිළිතුරු ඉණිම පන්දු ඕවර් 7.2 දී අවශ්‍යය ඉලක්කයට පිවිස හමාර කරන්නට ඉන්දීය ක්‍රිඩිකාවෝ සමත් වූහ.නමුත් ඒ අතර තුර කාලයේදී යළිත් කඩුලු අතරට පැමිණි දෙව්මි විහංඟා ලකුණු 34 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය.ආරම්භක පන්දු යවන්නිය සේ මීට පෙර තත්ත්ව සළකා අප දඟ පන්දු යවන්නියකද මුසු කළ යුතු බව යෝජනා කළ අතර මේ තරගයේදී ආරම්භක පන්දු යවන්නියන් දෙදෙනාම දඟ පන්දු යවන්නියන් විය.විදුශිකා පෙරේරා මේ සංචාරයේ සිටින අනිත් කැපී පෙනෙන ලාංකේය පන්දු යවන්නිය වන අතර ඇය පන්දු ඕවර් 3.3 ක් යවමින් ලකුණු 26 ක් ලබා දුන්නාය.
ඡායාරූපයේ සිටින්නි ඉන්දීය කඩුලු 3 ක් දවා ගත් දෙව්මි විහංඟාය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය