ලොරියක සඟවා ගෙනගිය පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට !

ලොරි රථයක් තුළ සඟවාගෙන ප්‍රවාහනය කරමින් සිටි පුපුරණ ද්‍රව්‍ය තොගයක් බිංගිරිය පොලිසිය විසින් සොයාගෙන තිබේ.

විලත්තව ප්‍රදේශයේ මාර්ග බාධකයක රාජකාරියේ යෙදී සිටි බිංගිරිය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ට සැක සිතී අදාළ ලොරිය පරීක්ෂා කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

එහිදී සූක්ෂම ලෙස සඟවා තිබූ ප්ලාස්ටික් බටවල අසුරන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු බට 89ක්, අඩි 80ක් දිගින් යුත් සේවා නූල් 21ක්, ඩෙටනේටර් 100ක් බැගින් අසුරන ලද පෙට්ටි 9ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සහ 44 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

සැකකරුවන් අද (24) හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...